Update : චීන ජනාධිපති පාකිස්තානයට

Saturday, 18 April 2015 - 11:04

Update+%3A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
චීන ජනාධිපති ෂී - ජින්පින් දෙදින නිළ චාරිකාව සඳහා ලබන සඳුදා පාකිස්තානයට පැමිණෙනවා. එහිදී ඩොලර් බිලියන  45ක් වටිනා යටිතල පහසුකම් සහ බලශක්ති ව්‍යාපෘති සඳහා චීනය පාකිස්තානය සමඟ ගිවිසුම්වලට එළඹෙනු ඇති. පාකිස්තානයේ ග්වඩාර් වරාය චීනයේ නව සේද මාර්ගයට එක් කිරීම චීන ජනාධිපතිවරයාගේ සංචාරයෙන් තහවුරු වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. චීනය පාකිස්තානයේ සිදුකරන ආයෝජනවලින් ඩොලර් බිලියන 45ක් වැය කරනු ඇත්තේ නව බලශක්ති ව්‍යාපෘති සඳහායි. පාකිස්තානය සහ චීනය අතර වාණිජ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා ඩොලර් බිලියන 11ක් වැය කරනු ඇති. කරච්චිය, ග්වඩාර් සහ චීනයේ දකුණු කෙළවර පිහිටි කෂ්ගාර් දක්වා දුම්රිය මාර්ගයක් තැනීම ඒ අතුරින් ප්‍රධානයි. පාකිස්තානයට චීන ඞීසල් සබ්මැරීන 8ක් ලබාදීම පිළිබදව ද චීන ජනාධිපති ෂී - ජින්පින්ගේ පාකිස්තාන සංචාරයේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

Update : Saturday, 18 April 2015 - 13:45
--------------------------------------------

චීන ජනාධිපති ෂී - ජින්පින් දෙදින නිළ චාරිකාව සඳහා ලබන සඳුදා පාකිස්තානයට පැමිණෙනවා. එහිදී ඩොලර් බිලියන  45ක් වටිනා යටිතල පහසුකම් සහ බලශක්ති ව්‍යාපෘති සඳහා චීනය පාකිස්තානය සමඟ ගිවිසුම්වලට එළඹෙනු ඇති. පාකිස්තානයේ ග්වඩාර් වරාය චීනයේ නව සේද මාර්ගයට එක් කිරීම චීන ජනාධිපතිවරයාගේ සංචාරයෙන් තහවුරු වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සදහන් කළා.