නිදහස් පක්ෂ මැයි දින රැළිය ගැන තවමත් මත දෙකක්

Saturday, 18 April 2015 - 13:36

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නිදහස් පක්ෂයේ සියලූ මන්ත්‍රීවරුන් සහභාගි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට ද නිදහස් පක්ෂ මැයි රැළියට සහභාගි වන ලෙසට මේ වන විටත් නිළ වශයෙන් ඇරයුම් කර ඇති බවයි.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දක්වන පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති එක්වන්නේ වෙනත් මැයි දින රැළියකට බවයි.