පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මන්ත්‍රීවරුන් දහසකගේ ශක්තිය තියෙන මන්ත්‍රීවරයෙක්. මහා සංඝ රත්නය

Sunday, 19 April 2015 - 21:11

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9D+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඊයේ දිනයේදී අලූත් අවුරුදු උත්සව කිහිපයකට සහභාගි වුණා. මේ අතර, ඇඹුල්ගම - හේනපිට - මුදිතා ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය පැවැත්වූ අවුරුදු උත්සවයකට ද එක්වුණේ ප්‍රධාන ආරාධිතයා ලෙසයි. එම අවුරුදු උත්සවය පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. එහිදී අනුශාසනාවක් සිදුකළ ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ විහාරවාසී පූජ්‍ය නවගමුවේ විමලරතන හිමියන් මෙලෙස අදහස් අදහස් ප්‍රකාශ කළා.  

‘‘අපි මේ බක් මහේත් අපේ අවුරුද්ද සමරන්නට මේ වයෝවෘද්ධ අපේ වැඩිහිටි පින්වත් පිරිස ඒකරාශී වුණා. ඒ සඳහා ආශිර්වාදයක් වෙන්න කවදත් අපි දකින්න කැමති කවදත් අපි කතා කරන්න කැමති දුමින්ද සිල්වා මැතිතුමා මේ අයට ආශිර්වාද කරන්න ඇවිල්ලා තියෙනවා. එතුමන් මන්ත්‍රීවරුන් දහසකගේ ඇමතිවරුන් 10 දෙනෙකුගේ ශක්තියක් තියෙන මන්ත්‍රීතුමෙක් වශයෙන් අපේ පිළිගැනීම තියෙනවා. මම මීට දවස් තුනකට ඉස්සෙල්ලා කොළොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ මේ වගේම ජන හමුවකට සහභාගිවෙච්ච අවස්ථාවේදී ‘‘කුණු කන්දක් නිසා ගඳ ගගහ අපි හිටියේ දුමින්ද සිල්වා මැතිතුමා නිසයි අපි අද හුස්ම ගන්නේ කියලා’’ එතන හිටපු මහත්වරු වගයක් ඒ අවස්ථාවේදී සිහිපත් කළා. එතුමන්ට ඔය තියෙන මඩ සහ අකටයුතුකම් ජනතාවගේ ආශිර්වාදය තුළින් මකාගෙන ඉතාමත් යෝධ බල ශක්තියකින් ඉදිරියටත් මේ රටේ සේවය කරන්නට ආශිර්වාදය ලැබෙන බව සිහිපත් කරමින් දීර්ඝායුෂ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් මගේ අනුශාසනාව සමාප්ත කරනවා.’’