හිටපු ජනපති මහින්ද, 24 වැනිදා අල්ලස් කොමිසමට

Monday, 20 April 2015 - 7:42

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+24+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ලබන 24 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිට හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ අල්ලස් කොමිසම විසින් හිටපු ජනාධිපතිවරයා වෙත මේ බව දැනුම්දී ඇති බවයි. කෙසේ වෙතත් අල්ලස් කොමිසම හමුවට යාමට පෙර නීති උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලබන 22 වැනිදා අල්ලස් කොමිසම හමුවට කැදවා ඇති අතර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග  ද ලබන 21 වැනිදා අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා. එමෙන්ම හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂද ලබන 21 වැනිදා දිවයිනට පැමිණීමෙන් පසු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට කැඳවීමට නියමිතයි.