පීකොක් මන්දිරය මහින්දට අහිමි වෙයි ?

Monday, 20 April 2015 - 12:43

%E0%B6%B4%E0%B7%93%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%3F
තමන්ට අයත් කොළඹ පිහිටි පීකොක් මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක, ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ ප්‍රකාශ කළා.

ඔහු හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දුරකථන සංවාදයකට එක්වෙමින් කියා සිටියේ අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස පොලීසිය තමන්ට දැනුම්දීමක්ද සිදුකර ඇති බවයි. පීකොක් මන්දිරයේ නාන තටාකය වැලිවලින් පිරවීමට පසුගියදා තීරණය කළේ හිටපු ජනාධිපතිවරයාගේ දැනුම්දීමකට අනුවදැයි මෙහිදී අප ඔහුගෙන් ප්‍රශ්න කළා.  

අද දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස කම්කරු පක්ෂයේ නායකයාට දැනුම්දී ඇත්දැයි හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් කරුණු විමසා සිටියා. ඔහු කියා සිටියේ පොලීසිය එවැනි දැනුම්දීමක් ඔහු වෙත සිදුකර නොමැති බවයි.