එනවා එනවා කියපු බැසිල් අද ලංකාවට එයි

Tuesday, 21 April 2015 - 7:53

%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද දිවයිනට පැමිණීමට නියමිතයි. ආරංචි මාර්ග සඳහන් කළේ හිටපු අමාත්‍යවරයා ඊයේ (20) දිනයේදී ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව බලා පිටත් වූ බවයි. ඒ අනුව අද දහවල් වන විට ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂිත මුදල් අක්‍රමිකතා, පසුගිය ජනාධිපතිවරණය සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වැය කිරීම, සමුළුවක් සඳහා රුපියල් මිලියන 70ක මුදලක් වැය කිරීම ඇතුළු මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පැමිණිලි ගොනු කර තිබෙනවා. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ඇමරිකාව බලා පිටත් වුණා.

මේ අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ දී අල්ලස් කොමිසම හමුවට කැදවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ තමා අවංකව කටයුතු කළ බවයි.