නිදහස් පක්ෂයේ සහාය අවිනිශ්චිතයි

Tuesday, 21 April 2015 - 8:07

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පමණක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගතහොත් එයට ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමට සිදුවන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ඊයේ (20) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වුණු බවයි.

මේ අතර, එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඊයේ පැවැති සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග ලබන මැයි 1 වන දාට එකම වේදිකාවකට ගෙන ඒම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණු බවයි. ඒ අනුව නුදුරේදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් සිදුවන බව ද ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමය වෙනස් කෙරෙන 20 වන සංශෝධනය එකවර ගෙන ආ යුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී දැඩි ලෙස අවධාරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සදහන් කළා. පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම තත්ත්වයත් සමඟ 19 වන සංශෝධනය සම්මත කර ගැනීම ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවයි.