මහින්ද - මෛත්‍රී හමුවට විශේෂ සාකච්ඡාව අද (21) රාත්‍රියේ

Tuesday, 21 April 2015 - 18:56

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+-+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93++%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%2821%29+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පොදු ස්ථානයකදී සිදුවන බව හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (21) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. එහිදී අවධානය යොමු කරන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රාත්‍රී 7 ට රැස්වී සාකච්ඡා  කරන බවයි ඔහු එහිදී සඳහන් කළේ. අදාළ සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපතිවරයා එකඟත්වය පළකර ඇති බව හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ජය පරාජය ජීවිතය පුරා සියලූදෙනා භුක්ති විඳිය යුතු දෙයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ, ගම්පහ - හේනේගම ප්‍රදේශයේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  දම්සක් පියසේ අභිනවයෙන් ඉදිකළ ධර්මශාලා මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.