මහින්දගෙනුත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Wednesday, 22 April 2015 - 12:46

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (22) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පැමිණිල්ලක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඔහුගේ නීතීඥවරුන් එම පැමිණිල්ල සිදුකරන්නේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව දැනට එම කොමිසමට ඉදිරිපත්ව ඇති පැමිණිල්ලට එරෙහිවයි. ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිටගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. ඔහු කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් ඉදිරිපත් කළ අදාළ පැමිණිල්ලේ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීමට අපොහොසත් වුවහොත් අල්ලස් කොමිසමේ නිලධාරින්ට එරෙහිව පියවර ගන්නා බවට වන සඳහනක් තිබෙන බවයි. එය අල්ලස් කොමිසමට සිදුකළ බලපෑමක් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීතීඥවරුන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අදාළ පැමිණිල්ලට එරෙහි පැමිණිල්ලක් අද සිදුකෙරෙනු ඇති.