නිදහස් පක්ෂය හිස් කොළවලට අත්සන් කරන්නේ නැහැ

Wednesday, 22 April 2015 - 12:51

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාව මත මැතිවරණ ක්‍රමයේ වෙනසකින් තොරව 19 වන සංශෝධනයට සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැති බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ හිස් කොළවලට අත්සන් කිරීමට තම පක්ෂය සූදානම් නොමැති බවයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි විධායක සභා රැස්වීමක් හෙට පස්වරු 5 ට පදනම් ආයතනයේදී කැඳවා තිබෙනවා. එහිදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය පියසේන ගමගේ සඳහන් කළේ.

19 වන සංශෝධනය සමග මැතිවරණ ක්‍රමය සංශෝධනය ද එකවර ගෙන ආ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මීට පෙර තීරණය කෙරුණා. කෙසේ නමුත්, ලබන 27 වැනිදා 19 වන ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගැනීමට නියමිත බැවින් මැතිවරණ ක්‍රමය පිළිබඳ සංශෝධනය ඒ සමඟ ගෙන ඒම පිළිබඳව ගැටලූවක් මතුව ඇති බවයි ඔහු සඳහන් කළේ. ඒ අනුව, 19 වන සංශෝධනය පළමුව සම්මත කරගෙන දෙවනුව මැතිවරණ ක්‍රමය සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමටත් ඉන් පසු මැතිවරණයකට යාම සම්බන්ධයෙන් මෙහිදී එකඟතාවයකට පැමිණීමට නියමිත බවයි අමාත්‍ය පියසේන ගමගේ වැඩිදුරටත් කියා සිටියේ.