19 ට ලෙඩ දාන්නෙ අලි බබා සහ හොරු 40 යි

Wednesday, 22 April 2015 - 12:57

19+%E0%B6%A7+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9+%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B6%B6%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+40+%E0%B6%BA%E0%B7%92
19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට බාධා කරන පිරිස පිළිබඳව එක්සත් ජාතික පක්ෂය අද (22) කරුණු පැහැදිලි කිරීමක් කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළේ අලි බබා සහ හොරු 40 ඊට එරෙහි වී ඇති බවයි.

ඒ අලිබබා සහ හොරු ස්වාධීන කොමිෂන් සභා  දූෂණය නාස්තිය වැළැක්වීම වැනි කරුණුවලට අකමැති බව ද ඔහු සඳහන් කළා. එසේම, අප්‍රේල් 28 වන අඟහරුවාදා 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.