රවීට එරෙහි විශ්වාසභංග 19 න් පසු

Wednesday, 22 April 2015 - 13:16

%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C+19+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94
19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතමුන් බාධා කරන බවට එල්ල වන චෝදනා නිසා එවැනි තීරණයක් ගත් බවයි ඔහු කියා සිටියේ.

රටේ මූල්‍ය පරිපාලන කටයුතු නිසි අයුරින් සිදුනොකරන බව පවසමිනුයි මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කරන්නේ.