සුළු සේවිකාවගේ ඝාතනයට අනියම් සැමියා දැලේ

Wednesday, 22 April 2015 - 19:10

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
බම්බලපිටිය - ශාන්ත පීතර විද්‍යාලයේ සේවය කළ සුළු සේවිකාවකගේ ඝාතනය  සම්බන්ධයෙන් ඇගේ අනියම් සැමියා සහ විදුහලේ ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  කාන්තාවගේ මළ සිරුර ශාන්ත පීතර විද්‍යාලයේ ගබඩා කාමරයේ තිබී සොයා ගැනුනේ පසුගිය 19 වැනිදා පස්වරුවේයි. ඝාතනයට ලක්වූ කාන්තාවගේ ජංගම දුරකථනයට ලැබී ඇති ඇමතුම් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි සැකකාර අනියම් සැමියා අත්අඩංගුවට ගෙන ඇත්තේ. සිද්ධිය වූ දින  කාන්තාව ඇගේ අනියම් සැමියාට විදුහලට පැමිණෙන ලෙස දැනුම්දී ඇති අතර එහිදී දෙදෙනා අතර සිදුවූ බහින්බස්වීමක් මත ඝාතනය සිදුවී තිබෙනවා.