එබෝලා නිසා 10,800 ක් මරුට

Thursday, 23 April 2015 - 15:17

%E0%B6%91%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+10%2C800+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
එබෝලා වසංගතය හේතුවෙන් පසුගිය මාස 16 තුළ ලොව පුරා පුද්ගලයින් 10,800 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙම මාස 16 ක කාලය පුරා එබෝලා වසංගතය ආසාදනය වූ පුද්ගලයින් 26,000 ක් වාර්තා වී ඇති බව සඳහන්. ගිනියාව, ලයිබීරියාව, සියරාලියොන් යන රාජ්‍යයන් වැඩිම එබෝලා රෝගීන් වාර්තා වූ රටවල් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ අතර, අප්‍රිකානු මහාද්වීපය තුළ එබෝලා වසංගතය තුරන් කිරීම සඳහා ආරම්භ කළ ව්‍යාපෘතීන් සාර්ථක ප්‍රතිඵල කරා මෙතෙක් පැමිණ නොමැති බවද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.