බිරිඳක්, සැමියට කළු නිසා ඔලුවට කුළු ගෙඩියෙන් ගහලා

Friday, 24 April 2015 - 14:57

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%94%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේන් කාන්තාවක් සිය සැමියාට කුළු ගෙඩියකින් පහර දී ඝාතනය කළ පුවතක් වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කරන පරිදි වයස අවුරුදු 22ක් වන මෙම කාන්තාව සිය සැමියා මැරීමට හේතුව වන්නේ ඔහු කළු පැහැති පුද්ගලයෙකු වීමයි.

අවුරුදු 2කට පෙර මොහුන් විවාහ වී ඇති අතර විවාහ වූ දිනයේ සිට ඔහුන් දෙපළ අඹු සැමි ඇසුරක් පවත්වා නොමැත.එයට හේතුව වන්නේ මෙම කාන්තාව සිය සැමියා කළු පැහැති පුද්ගලයෙක් නිසා ඔහුව ප්‍රතික්ෂේප කිරීමයි.

කෙසේ වෙතත් මෙම තැනැත්තිය මිය ගිය එම පුද්ගලයා ඊයේ ඔහුන්ගේ ගොවිපළේ වැඩකටයුතු කරමින් සිටින අවස්ථාවක පිටු පසින් පැමිණ කුළු ගෙඩියකින් හිසට පහර දී ඝාතනය කර තිබේ.

මේ වන විය ඉන්දීය පොලිසිය විසින් එම කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.