සම්බන්ධන්ගේ සම්බන්ධය සම්බන්ධයෙන් ව්‍යාකූල වෙයි

Sunday, 26 April 2015 - 13:45

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%96%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
19 වන ව්‍යවස්ථා සංශෝධනයට දෙමළ ජාතික සන්ධානය සහය දැක්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි සළකා බලන ලෙස වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු එහි නායක ආර්. සම්බන්ධන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, ශිවශක්ති ආනන්දන් සහ විනෝ නෝහ රාධලිංගම් මන්ත්‍රීවරුන් තිදෙනායි මෙම ඉල්ලීම කර ඇත්තේ. රජය, දෙමළ ජනතාවගේ ඉල්ලීම්වලට මෙතෙක් සවන්දීමක් කොට නොමැති බැවින් 19 වන සංශෝධනයට දෙමළ ජාතික සන්ධානය සහය දීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.