19 වන සංශෝධනයේ මාධ්‍ය සම්බන්ධයෙන් පවතින අහිතකර වගන්ති ඉවත් කිරීමට අගමැතිවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය එකඟතාව පළකර ඇති බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. ජනාධිපතිවරයා සමඟ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවේදී මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුකළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර අදාළ එකඟතාවට පැමිණීමට හැකිවූ බව අමාත්‍ය එස්.බී. දිසානායක වැඩිදුරටත් කියා සිටියා.