වසර 80කින් නේපාලයට බලපෑ දරුණුතම භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3617 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව 6515ක් ලෙසයි සටහන් වන්නේ. කෙසේ නමුත්, සුන්බුන් අතරින් මළ සිරුරු තවදුරටත් සොයා ගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මේ අතර, නේපාලයේ මහා භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි සහ අනතුරු පිළිබඳව අසන්නට ලැබීමෙන්, බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණ දැඩි සේ කම්පාවට පත්වූ බව බකිංහැම් මාළිඟය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.