බඹරු කල්ලියක් අහිංසක පියෙක් මරයි

Tuesday, 28 April 2015 - 7:42

%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දියනෑමට ගිය හැත්තෑනව හැවිරිදි (79) අයෙකුට බඹර ප්‍රහාරයක් එල්ලවීමෙන් ඔහු මරණයට පත්වී ඇති බව නෝර්වුඞ් පොලීසිය පවසනවා. අද (27.04) උදෑසන මෙම මියගිය අය නෝර්වුඞ් අයර්බී වත්ත ප්‍රදේශයේ දියනෑමට ගිය අවස්ථාවේ විශාල ගසක් මතවූ බඹර කූඩුවක් ඇවිස්සී මෙම බඹර ප්‍රහාරය එල්ලකර ඇති බවයි නෝර්වුඞ් පොලීසිය පවසන්නේ. බඹර ප්‍රහාරයට ලක්වූ ඔහු දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. උකුස්සෙකු විසින් බඹර කුඩුවට ප්‍රහාරයක් එල්ලකිරීමෙන් පසු බඹරුන් ඇවිස්සී මෙම බඹර ප්‍රහාරය එල්ලකර ඇති බවයි කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබෙන්නේ. බඹර ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ නෝර්වුඞ් අයර්බී වත්තේ පදිංචි එස්.දේවසගායම් නැමැති හැත්තෑනව හැවිරිදි (79) සිව් දරු පියෙකි. මෙම බඹර ප්‍රහාරය පිළිබඳව නෝර්වුඞ් පොලීසිය පරීක්ෂණ පවත්වනවා.











ඡායාරූප - රංජිත් රාජපක්ෂ