බැසිල් රාජපක්ෂට නැවතත් නිවාඩු දෙයි

Tuesday, 28 April 2015 - 9:53

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවෙන් මාස 3 ක කාලයක් සඳහා යළිත් නිවාඩු අනුමත වී තිබෙනවා. නිවාඩු අනුමත කරගැනීමේ යෝජනාව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ස්ථීර කරනු ලැබුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්නයි. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදේශ ගතවූ පසුව පළමුවරට නිවාඩු අනුමත කරගත්තා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවාදය මේ වනවිටත් පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා.