නේපාල භූ කම්පනයෙන් මිලියන 8 කට පීඩා

Tuesday, 28 April 2015 - 13:14

%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+8+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
නේපාල භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සහන සැළසීම සහ ජීවිතාරක්ෂක මෙහෙයුම්වලට එක්වීම සඳහා බ්‍රිතාන්‍ය හමුදාවේ ගුර්කා සෙබලූන් කණ්ඩායමක් ඊයේ සිය මව් රට බලා පිටත්වුණා. බ්‍රිතාන්‍ය යුද හමුදාවේ බෝයිං සී 17 වර්ගයේ ගුවන් යානයක් ඒ සඳහා යොදා ගැනුනු අතර එහි කූඩාරම් 1100 ක් ප්ලාස්ටික් තහඩු, කඹ සහ සූර්ය බල පහන් 1700 ක්ද තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 1815 සිට බ්‍රිතාන්‍ය හමුදාවේ බලඇණියක් ලෙස කටයුතු කරන ගුර්කා සෙබලූන් සටන්කාමීත්වය, පක්ෂපාතී භාවය සහ සිය සාම්ප්‍රදායික කුක්රී පිහි යොදාගෙන සිදුකරන සටන් හේතුවෙන් ප්‍රකට වූ නේපාල ගෝත්‍රික කණ්ඩායමක්. මේ වනවිටද 2700 ක් පමණ ගුර්කා සෙබළුන් බ්‍රිතාන්‍ය හමුදාවට අනුබද්ධව කටයුතු කරනවා.

මේ අතර ජගත් සංවිධානය ප්‍රකාශ කළේ නේපාල භූ කම්පනයෙන් මිලියන 8 ක් ජනතාව පීඩාවට ලක්ව ඇති බවයි. මිලියන 1.4 කට ආහාර ආධාර අවශ්‍ය වී තිබෙනවා. පසුගිය සෙනසුරාදා කත්මන්ඩු අගනුවර කේන්ද්‍ර කොට ගෙන ඇතිවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 4 310 ක්. තුවාල ලැබූ සංඛ්‍යාව 8 000 ඉක්මවන බවයි නේපාල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ජාත්‍යන්තර ආධාර නේපාලයට ලැබෙමින් පවතින නමුදු වෛද්‍ය උපකරණ, ආහාර සහ මළ සිරුරු බහාලීමේ ආවරණ තවත් අවශ්‍ය වන බව ජගත් සංවිධානය වැඩිදුරටත් සඳහන් කළා.