මූල්‍ය අපරාධ විමර්ශන ගැසට් පත්‍රය අවලංගු කරන්න

Tuesday, 28 April 2015 - 20:22

%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාශයට අගමැති ප්‍රමුඛ කැබිනට් අනු කමිටුවක් මගින් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සැළසෙන අයුරින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි විපක්ෂ මන්ත්‍රීවරුන් අද (28) ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කළා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදියි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනු කමිටුවකින් අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සළසන ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේ පසුගිය පෙබරවාරි 13 වැනිදායි. ඊට අනුව ශ්‍රී ලංකාවේ කවර ප්‍රදේශයක හෝ සිදුවී ඇති අපරාධ මෙම විමර්ශන කොට්ඨාශය මගින් පරීක්ෂාවට ලක් කළ යුතුයි. මහා පරිමාණ මූල්‍ය අපරාධ දූෂණ සහ විශාල ප්‍රමාණයේ අනවසර ව්‍යාපෘති, මහජන මුදල් සහ දේපළවලට එරෙහි අපරාධ එම පොලිස් කොට්ඨාශය මගින් විමර්ශනය කෙරෙනවා. ගැසට් නිවේදනයේ සදහන් වන්නේ ජාතික ආරක්ෂාව, රාජ්‍ය මූල්‍ය සහ පරිසරයට එරෙහිව සිදුකර ඇති විශාල ප්‍රමාණයේ මූල්‍ය අපරාධ, නීතිවිරෝධී ආකාරයෙන් ධනවත්වීම සහ නිළබලය සීමාව ඉක්මවා භාවිත කිරීම මෙන්ම මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම සහ නීතිවිරෝධී ගනුදෙනු පිළිබදව ද එමගින් විමර්ශනය කරන බවයි.

 ශ්‍රී ලංකාව පුරා පිහිටුවා ඇති සියළු  අධිකරණ බල සීමා වලදී එම විමර්ශනවලට බලතල ඇති බවත්, අදාළ ගැසට් නිවේදනයේ සදහන්. එසේම අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව පිහිටුවා ඇති අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කැබිනට් අනුකමිටුවක් මගින් ස්ථාපිත කර ඇති ලේකම් කාර්යාලය විසින් මෙම පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයාට යොමු කරන අතරම විශේෂිත පැමිණිලි සෘජුවම මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාශයට යොමු කරන බව ද එහි දැක්වෙනවා.

අද පැවති ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී  කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබදව අවධානය යොමු වී ඇති අතර, ඒ පිළිබදව සොයා බලන බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.  

මේ පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙකු අද පාර්ලිමේන්තුවේදී ද ප්‍රශ්න කළා. මෙය ඇතැම් පාර්ශව දඩයම් කිරීමට ගත් පියවරක් බවට ද ඔහු චෝදනා කළා.

කෙසේ වෙතත්, එහිදී නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම චෝදනා ප්‍රතික්ෂේප කළේ මෙය කැබිනට් මණ්ඩලයේ තීරණයක් බව පවසමින්. කෙසේ වෙතත්, මෙමගින් ආණ්ඩුවට හිතවත් අයට එරෙහිව එල්ල වන පැමිණිලි විභාග වීමක් සිදුනොවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ ප්‍රකාශ කළා.