අදත් නේපාලයට 103 ක් යයි

Wednesday, 29 April 2015 - 10:47

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+103+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නේපාල භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා සාමාජිකයන් 103 දෙනෙකුගෙන් යුත් තවත් යුද සහ නාවික හමුදා භට පිරිසක් අද දහවල් දිවයිනෙන් පිටත්ව යනවා. වෛද්‍යවරුන් 4 දෙනෙකු ද ඊට අයත්.  අද (29) දහවල් 12.30 ට ඔවුන් නේපාලය බලා පිටත්ව යන බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. මේ වනවිටත් යුද හමුදා භට පිරිස් නේපාලයේ සහන සේවා කටයුතුවල නිරත වන අතර ඒ පිළිබඳව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා.

මේ අතර, මෙට්ට්‍රික් ටොන් 20 ක අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් අද නේපාලයට පිටත් කර යැවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද මැදිහත් වී තිබෙනවා. මේ වනවිට නේපාල ජනතාව මූල්‍යාධාර ද ලබාදිය හැකි බවයි එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත්ලාල් කුමාර සඳහන් කළේ. ඒ පිළිබඳ තොරතුරු 0112 136 136 හෝ 0112 136 255 දුරකථන අංකවලින් ලබාගත හැකියි.