අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ එකමුතුව අද මහජන සාමය සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මුණ ගැසුණා. ඒ, පසුගිය කාලසීමාව තුළ අතුරුදන් වූ සිය පවුල්වල සාමාජිකයන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බවට තොරතුරු ඇති බැවින් ඔවුන් හමුවීමට අවස්ථාවක් සලසා දෙන ලෙස ඉල්ලා සිටීමටයි. බන්ධනාගාරයේ පැවති තෛපොංගල් උත්සවයේ ඡායාරූප මාධ්‍ය වෙතින් දුටු බවත්, එහි තම අතුරුදන් වූ ඥාතීන් සිටි බවත් ඔවුන් අමාත්‍යවරයාට ප්‍රකාශ කළා. එහිදී අමාත්‍ය ජෝන් අමරතුංග සඳහන් කළේ මෙම ඉල්ලීම ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.