Update : දෙමටගොඩ උප පොලිස් පරීක්ෂකවරයාට හදිසි ශල්‍යකර්මයක්

Wednesday, 29 April 2015 - 13:54

Update+%3A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7++%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%81%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකදී ශිෂ්‍ය භික්ෂුවකගේ ගල් ප්‍රහාරයකට ලක්වී අසාධ්‍ය තත්ත්වයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දෙමටගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයා  හදිසි ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ශිෂ්‍ය භික්ෂුවකගේ ගල් ප්‍රහාරයකින් පොලිස් ස්ථානාධිපතිවරයා සහ මෙම  උප පොලිස් පරීක්ෂකවරයා තුවාල ලබා එම රෝහලේම ප්‍රතිකාර ලබන බවයි. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ පොලීසිය අතර ඊයේ (29) ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් භික්ෂූන් වහන්සේ පස්නමක්ද තුවාල ලබා තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

Update : Thursday, 30 April 2015 - 13:07
------------------------------------------------
භික්ෂූන් පස් නමක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තවමත් රෝහලේ

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට ඊයේ (29) විරෝධතාවක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේ ඇතුළු සිසුන් පිරිසකට පොලීසිය එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පස්නමක් කොළඹ ජාතික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා. මීට අමතරව තවත් ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ තුන්නමක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි වාර්තාවන්නේ.

මේ අතර ඊයේ ඇතිවූ මෙම සිද්ධිය අතරතුර භික්ෂූන්වහන්සේ නමක් එල්ල කළ ගල් ප්‍රහාරවලින් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු කොළඹ ජාතික රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා භික්ෂුන්වහන්සේගේ  සංඛ්‍යාව අඩු කර ඇති බව පවසමින්  අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය, ඊයේ දහවල් කොළඹ - කොටුවේ සිට ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණියේ විරෝධතා පා ගමනකින්.

කොටුව දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ වූ එම පා ගමන ටෙක්නිකල් මංසන්ධිය, මරදාන පසුකරමින් ඞීන්ස් පාර ඔස්සේ වෝඞ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණියා. විරෝධතාවට එක්ව සිටි භික්ෂුන් වහන්සේ කිහිපනමක් සහ සිසුන් පිරිසක් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ආරක්ෂක ගේට්ටුවෙන් ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ පොලීසිය ජල කදම්බ ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කළා.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා ඇතුළු සිසුන් 20 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා භූමියට ඇතුල්වීමත් සමඟ පොලිස් නිලධාරීන් සහ විරෝධතාවයේ නිරත භික්ෂූන්වහන්සේ අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. මෙහිදී භික්ෂූන් වහන්සේ සහ සිසුන් පිරිසක් පොලිස් නිලධාරියෙකුට පහරදීමක්ද සිදුකළ බව එම ස්ථානයේ සිටි අප වාර්තාකරු සඳහන් කළා.

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමියන් කියා සිටියේ තම ඉල්ලීම්වලට එළඹෙන වෙසක් පොහොයට පෙර විසඳුමක් ලබා නොදුනහොත් ක්‍රියාමාර්ග තීව්‍ර කරන බවයි.



Update : Thursday, 30 April 2015 - 07:50
------------------------------------------------

සරසවි භික්ෂු විරෝධතාවට කඳුළු ගෑස් - කුරුඳුවත්ත OIC රෝහලේ

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ ස්වාමින් වහන්සේ ඇතුළු  සිසුන් පිරිසකට පොලීසිය අද (29) කඳුළු ගෑස් සහ ජල කදම්බ ප්‍රහාරයක් එල්ල කළා.

විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා භික්ෂුන් වහන්සේගේ  සංඛ්‍යාව අඩු කර ඇති බව පවසමින්  අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය,  දහවල් කොළඹ - කොටුවේ සිට ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණියේ විරෝධතා පා ගමනකින්. විරෝධතාවට එක්ව සිටි භික්ෂුන් වහන්සේ කිහිපනමක් සහ සිසුන් පිරිසක් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ආරක්ෂක ගේට්ටුවෙන් ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ පොලීසිය ජල කදම්බ ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී භික්ෂුන් වහන්සේ ඇතුළු  සිසුන් 20 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා භූමියට ඇතුල්වී තිබෙනවා.  

මෙහිදී භික්ෂූන් වහන්සේ සහ සිසුන් පිරිසක් පොලිස් නිලධාරියෙකුට පහරදීමක්ද සිදුකළ බව එම ස්ථානයේ සිටි අප වාර්තාකරු සඳහන් කළා.

කඳුළු ගෑස් සහ ජල කදම්බ  ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව විරෝධතාවට එක්ව සිටි සියළු  ස්වාමීන් වහන්සේ සහ සිසුන් ප්‍රතිපාදන කොමිෂන් සභා භූමියට ඇතුළුවුනා. එහිදී පැමිණ සිටි පිරිස අමතමින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් කියා සිටියේ එළඹෙන වෙසක් පොහොයට පෙර තම ඉල්ලීම්වලට කඩිනම් විසඳුමක් ලබාදීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.

කුරුඳුවත්ත  ඕ අයි සී රෝහලේ

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අද ඇතිවූ සිද්ධිය අතරතුර භික්ෂූන් වහන්සේ නමක් එල්ල කරන ලද ගල් ප්‍රහාරයකින් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. එසේම උප පොලිස් පරීක්ෂකවරයෙකුද බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.



Update : Wednesday, 29 April 2015 - 18:50
------------------------------------------------
අන්තරේට නැවතත් කඳුළු ගෑස් සහ ජල කදම්බ ප්‍රහාරයක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ ස්වාමින් වහන්සේලා පිරිසකට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල කදම්බ ප්‍රහාරයක් එල්ල කළා.

එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ විරෝධතාවයේ යෙදුණු ස්වාමින් වහන්සේලා කිහිප නමක් බලහත්කාරයෙන් ප්‍රතිපාදන කොමිෂන් සභා භූමියට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය මෙම පියවර ගත් බවයි. විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාව අඩු කර ඇති බව පවසමින් ඊට විරෝධය පළ කර අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය අද කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කළා. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වායි.