වරාය නගර නඩුව කල් යයි

Wednesday, 29 April 2015 - 13:57

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නවත්වන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණයේදී අද (29) විභාගයට ගැණුනා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු දැක්වීම වෙනුවෙන් ජුනි 15 වැනිදා දක්වා කල් ඉල්ලා තිබෙනවා. මීට පෙර මෙම ව්‍යාපෘතිය පිළිබඳ රජයේ ස්ථාවරය අභියාචනාධිකරණයට දැනුම්දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කර තිබූ අතර නීතීඥවරුන් අද ප්‍රකාශ කළේ ඊට අදාළ නියෝගය මීට දින දෙකකට පෙර නීතිපතිවරයාට ලැබුණු බවයි. එම නිසා ඒ පිළිබඳ කරුණු දැක්වීමට ජුනි මස 15 වැනිදා දක්වා කල් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ඒ අනුවයි අභියාචනාධිකරණය මෙම නඩුව එදිනට කල් තැබුවේ.