Update: පාපුවරුවේ ගොස් පාලමේ ගැටී ඔයට වැටී මරුට

Wednesday, 29 April 2015 - 21:36

Update%3A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A++%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%94%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දුම්රිය පාපුවරුවේ ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු  මීඔය පාලමේ ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගල්ගමුව - අඹන්පොල දුම්රිය ස්ථාන අතර මීඔය පාලම පිහිටා ඇති අතර,  තරුණයින් දෙදෙනා පාලමේ ගැටී මී ඔයට වැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මාතර සිට වවුනියාව දක්වා ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රියේ මෙම තරුණයින් දෙදෙනා ගමන් කර තිබෙනවා. මියගිය තරුණයන් දෙදෙනා රාගම සහඅනුරාධපුරය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ. මෘත දේහ මේ වනවිට ගල්ගමුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.
Update : Thursday, 30 April 2015 - 07:50
------------------------------------------------

දුම්රියේ ගිය තරුණයන් දෙදෙනෙකු  පාලමක ගැටී මරුට

දුම්රිය පාපුවරුවේ ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු  මීඔය පාලමේ ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගල්ගමුව - අඹන්පොල දුම්රිය ස්ථාන අතර මීඔය පාලම පිහිටා ඇති අතර, මෙම තරුණයින් දෙදෙනා පාලමේ ගැටී මී ඔයට වැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මාතර සිට වවුනියාව දක්වා ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රියේ මෙම තරුණයින් දෙදෙනා ගමන් කර තිබෙනවා. ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.











(ඡායාරූප රොෂාන් රණසිංහ)