රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් ඝාතනය කිරීමේ සිද්ධියේ තවත් එක් සැකකරුවෙකු, ඝාතනයට යොදාගත් ගිනි අවිය සමඟ ඊයේ (29) හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සභාපතිවරයා හික්කඩුව - වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණේ මාර්තු මස 23 වැනිදා රාත්‍රියේයි. සිද්ධියෙන් ඔහු සමග සිටි මිතුරන් දෙදෙනෙකු ද බරපතල තුවාල ලැබුවා.
රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ.