L.T.T.E යට මුදල් රැස් කළ ලංකාවේ 5 කට සිරගෙට

Friday, 01 May 2015 - 8:39

L.T.T.E+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%A7
මෙරට පැවති යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ජාතිකයන් 5 දෙනෙකුට නෙදර්ලන්ත අධිකරණය ඊයේ (30) සිරදඬුවම් නියම කළා. වයස අවුරුදු 43 ත් 60 ත් අතර වන මොවුන්ට එරෙහිව එල්ල වූ චෝදනා වූයේ 2003 වසරේ සිට 2010 වසර දක්වා නෙදර්ලන්තය තුළදී කොටි සංවිධානය වෙනුවෙන් මුදල් එක් රැස් කිරීමයි.  2006 වසරේ සිට එල්.ටී.ටී.ඊ සංවිධානය, යුරෝපා සංගමය තුළ තහනම් සංවිධානයක්. 2011 වසරේදී නෙදර්ලන්තයේ පහළ අධිකරණයක් මගින් මොවුන් වැරදිකරුවන් බව තීන්දු කළා. නෙදර්ලන්තය තුළදී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ජාතිකයන්ගෙන් බලහත්කාරයෙන් මුදල් එක්රැස් කළ බවට ද මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. එමෙන්ම ඒ සඳහා නීතිවිරෝධී ලොතරැයි පවත්වාගෙන යාම එල්ල වූ තවත් චෝදනාවක්. මොවුන් 5 දෙනාම ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන් වීම සම්බන්ධයෙන් වැරදිකරුවන් ලෙසයි නෙදර්ලන්ත අධිකරණය තීන්දු කළේ.