සුෂ්මාගේ ප්‍රකාශයට තමිල්නාඩුවේ විරෝධය

Friday, 01 May 2015 - 13:09

%E0%B7%83%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය නොකරන ලෙස ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් සිදුකළ ප්‍රකාශය තමිල්නාඩුවේ දේශපාලන පක්ෂවල දැඩි උදහසට ලක්ව තිබෙනවා. එය නුදුරේදීම තමිල්නාඩුවේ ප්‍රබල දේශපාලන මාතෘකාවක් වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ජාත්‍යන්තර මුහුදු සීමාව තරණය කොට ශ්‍රී ලංකා මුහුදු තීරයට අවතීර්ණ නොවන ලෙස ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මෙම දැනුම්දීම සිදුකළේ තමිල්නාඩු ධීවරයින් පිරිසක් නවදිල්ලි නුවරදී ඊයේ (30) ඇය හමුවූ අවස්ථාවේදීයි. ධීවර කටයුතු සඳහා ශ්‍රී ලංකා මුහුදු තීරයට ගොස් ගැටළුවලට මුහුණදීමට සිදුවිය හැකි බවයි ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය මෙහිදී පෙන්වා දී ඇත්තේ.

ඒ වෙනුවට ඈත දියඹේ මසුන් මැරීමට හැකි බවත් ඇය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා මුහුදු තීරයට පිවිසී නිරන්තරයෙන් අත්අඩංගුවට පත්වන තමිල්නාඩු ධීවරයන් මුදා ගැනීමට මැදිහත්විය නොහැකි බවත්, ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් සඳහන් කර තිබෙනවා. තමිල්නාඩු ධීවරයන් ට්‍රෝලර් යාත්‍රා  යොදා ගනිමින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීම පිළිබඳව ද ඇය මෙහිදී සිහිපත් කළා.

තමිල්නාඩු පාඨලී මක්කල් පක්ෂයේ නායක රාම්දාස් කියා සිටියේ පෝක් සමුද්‍ර  සන්ධියේ මසුන් මැරීම පිළිබඳව දෙරටේ ධීවරයින් අතර, එකඟත්වයක් ඇති කර ගැනීම මධ්‍යම රජයේ වගකීමක් බවයි. තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කරන බවට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මදුරාසි මහාධිකරණය වෙත ගොනුකළ ප්‍රකාශය ද ඔහුගේ විවේචනයට ලක්වුණා. තමිල්නාඩුවේ පාලක පක්ෂය වන ඒ.අයි.ඒ.ඞී.එම්.කේ පක්ෂය සඳහන් කළේ තමිල්නාඩු ධීවරයන් වෙනුවෙන් භාරතීය ජනතා පක්ෂ රජය පසුගිය මාස 11 තුළ කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.