Update : ආචාර්ය නිර්මාල් රංජිත් තවමත් ජාතික රෝහලේ

Friday, 01 May 2015 - 19:55

Update+%3A+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට කිරුළපන - ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණය ආසන්නයේදී ඊයේ (01) පහරදීමක් සිදුවුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය පළ කරන කණ්ඩායම් සහ වාමාංශික පක්ෂ සංවිධානය කළ මැයි දින රැළිය පැවැත්වුණේ ද එම ස්ථානයේදියි. සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තමන්ට ප්ලාස්ටික් බෝතල්, දොඩම් ගෙඩි සහ අතින්, පයින් ද පිරිසක් පහර දුන් බවයි.

මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ද ඊයේ රාත්‍රියේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ තත්ත්වය සොයා බැලීමට ජාතික රෝහලට පැමිණියා.



Update : Saturday, 02 May 2015 - 8:02
-----------------------------------------
ආචාර්ය නිර්මාල්ට පහරදීමක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට කිරුළපණ - ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණය ආසන්නයේදී අද (01) පහරදීමක් සිදුව තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.