තරුණ පෙළට මුල්තැන දෙන පාර්ලිමේන්තුවක්

Saturday, 02 May 2015 - 15:19

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
දේශපාලන පක්ෂවලට මුල් තැන දුන් කාලය අවසන් කොට තරුණ පරපුරට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු කාලය උදා වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාතික තරුණ සේවා සභාව මගින් සමස්ත ලංකා යෞවන සමාජ සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ උත්සවයකට මහරගම දී අද (02) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කෙටි කාලීනව තරුණ පෙළට සහාය ලබාදීම දැනටමත් ආරම්භ කර ඇති බවයි. අධ්‍යාපනය, රැකියා සහ ආදායම යන අංශවලින් තරුණ පෙළ සවිමත් කිරීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙනවා. ඉදිරි පාර්ලිමේන්තුව ආණ්ඩුවක් ලෙස කටයුතු කර එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට පියවර ගත යුතු බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී අවධාරණය කළේ.