පසුගිය සෙනසුරාදා නේපාලයේ සිදුවූ මහා භූ කම්පනයෙන් දිවි ගලවා ගත් පුද්ගලයන් තවදුරටත් හමුවීම පිළිබදව අපේක්ෂා කළ නොහැකි බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. පසුගිය සෙනසුරාදා සිදුවූ රික්ටර් පරිමාණයේ 7.9 භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 6621ක් ලෙස සටහන් වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 14,021ක්. එමෙන්ම දුරස්ථ ප්‍රදේශවල සිටින තවත් දහස් සංඛ්‍යාත නේපාල වැසියන් පිළිබද මෙතෙක් වාර්තා ලැබී නොමැති බවයි නේපාල බලධාරීන් ප්‍රකාශ කළේ.