Update: කෝටි 10ක් රාජසන්තකයි

Saturday, 02 May 2015 - 17:16

Update%3A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+10%E0%B6%9A%E0%B7%8A++%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
වසරේ මේ දක්වා සිදුකරන ලද වැටලීම්වලින් නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට තැත් කළ රුපියල් කෝටි 10 කට අධික විදෙස් මුදල් රාජසන්තක කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී සඳහන් කළේ අවස්ථා 17 කදී සිදුකරන ලද වැටලීම්වලින් මුදල් රාජසන්තක කර ඇති බවයි. මේ අතර, අද (02) දිනයේ ද නීතිවිරෝධී ලෙස කටාර් රාජ්‍යයට රැගෙන යාමට උත්සාහ කළ රුපියල් 63 ලක්ෂ 62,746 ක මුදලක් සමග ලාංකිකයෙකු උදෑසන ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගත්තා.

Update : Saturday, 02 May 2015 - 18:32
----------------------------------------------

පන්නන්න හැදු ලක්ෂ 63

නීතිවිරෝධී ලෙස කටාර් රාජ්‍යයට රැගෙන යාමට උත්සාහ කළ රුපියල් 63 ලක්ෂ 62,746 ක මුදලක් සමග පුද්ගලයෙකු අද (02) උදෑසන ගුවන්තොටුපල අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.