Update: සම්බුදු තෙමඟුල නිමිත්තෙන් 500ක් නිදහස්

Saturday, 02 May 2015 - 17:48

Update%3A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%99%E0%B6%B8%E0%B6%9F%E0%B7%94%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++500%E0%B6%9A%E0%B7%8A++%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
සුළු වැරදි සහ දඩ ගෙවීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිටි රැඳවියන් 500කට ආසන්න පිරිසකට අද (03) නිදහස හිමිවුණා. වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ මෙම පිරිසට මෙලෙස නිදහස හිමිවී තිබෙනවා.

Update : Sunday, 03 May 2015 - 12:28
------------------------------------------------

වෙසක් පොහොය වෙනුවෙන් 1400 ක් නිදහස්

හෙටට (03) යෙදෙන වෙසක් පුරපසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 1400 ක් පමණ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව, සියළු  බන්ධනාගාර නියෝජනය වන පරිදි සිරකරුවන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය අංශය සඳහන් කළේ. ඊට එළිමහන් සිරකඳවුරු, බන්ධනාගාර, රක්ෂිත බන්ධනාගාරවල සිටින රැඳවියන් ඊට අයත් වනවා.