මහින්දගේ ආරක්ෂකයෙකු ජනපති මෛත්‍රී ළඟට ගිනි අවියක් ගෙනත්

Sunday, 03 May 2015 - 10:21

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%85%E0%B6%9F%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A
පසුගිය අප්‍රේල් 25 වැනිදා අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ ජනාධිපතිවරයා සහභාගි වූ රැස්වීමකට ගිනි අවියක් රැගෙන පැමිණි යුද හමුදා කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව, යුද හමුදා කමාන්ඩෝ බලකායට අනුයුක්තව සේවය කරන එම යුද හමුදා කෝප්‍රල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන අගුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර තිබෙනවා. සැකකරු මැයි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ. මොහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ සේවය කරන අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.