වෙසක් පෙරහරකට පොලිසියේ වගේ කෙනෙක් ඇවිත් කළ හදියක්

Sunday, 03 May 2015 - 17:03

%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සහකාර පොලිස් අධිකාරීවරයෙකු බව හඟවමින් බදුල්ල නගරයේ වෙසක් පෙරහර විශේෂ රාජකාරියේ යෙදී සිටි වැඩතහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ අනෙකුත් පොලිස් නිලධාරීන්ටද විධාන දෙමින් මොහු හැසිරී ඇති බවයි බදුල්ල පොලීසිය සඳහන් කළේ. කෙසේ වෙතත් මොහු පැළඳ සිටි හිස්වැසුමේ වෙනසක් සහ නිල ඇඳුමේ ක්‍රමානුකූල බවක් නොතිබීම සම්බන්ධයෙන් සැකසිතූ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඒ බව බදුල්ල සහකාර පොලිස් අධිකාරීවරයාට දැනුම්දී තිබෙනවා.

අනතුරුව අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා බදුල්ල - කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හෙළිවුණා. පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස වවුනියාව සහ මඩකලපුව ප්‍රදේශවල සේවය කර ඇති මොහුට 2007 වසරේදී රැකියාව අහිමිවී ඇත්තේ සේවයට වාර්තා නොකිරිම හේතුවෙන්.