Update : හිරු උත්තම ධාතු වන්දනාව සඳහා පල්ලෙබැද්ද සංඛපාල විහාරස්ථානයටත් අති විශාල බැතිමතුන් පිරිසක්

Monday, 04 May 2015 - 7:30

Update+%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
හිරු උත්තම ධාතු වන්දනාවේ, කිරි වෙහෙර පුදබිමේ සිට පල්ලෙබැද්ද - සංඛපාල විහාරස්ථානය දක්වා වැඩම කරවූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මේ වනවිට වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර තිබෙනවා. එහිදී බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා  අද දිනය පුරාද අවස්ථාව ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

කිරිවෙහෙර පුදබිමේ තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - සංඛපාල විහාරය වෙත ඊයේ වඩම්මවනු ලැබුවා. එහිදීද අතිවිශාල බැතිමතුන් පිරිසක් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම එම විහාරස්ථානයට පැමිණි බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඉතිහාසයේ කතරගම - කිරිවෙහෙර පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව සටහන් කරමින් පුරා දින දෙකක් තිස්සේ කතරගම - කිරිවෙහෙර පුදබිමේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - සංඛපාල විහාරස්ථානය වෙත වැඩමවීම සිදුකෙරුණේ ඊයේ උදෑසන කාලයේදීයි.

කතරගම සිට තිස්සමහාරාම, දෙබරවැව, පන්නෙගමුව, තණමල්විල, උඩවලව හරහා පල්ලෙබැද්ද ශ්‍රී සංඛපාල විහාරස්ථානය දක්වා සර්වඥධාතූන් වැඩම කරවන අවස්ථාවේදී ඊට වන්දනාමාන කිරීම සඳහා අතිවිශාල බැතිමතුන් පිරිසක් මඟ දෙපස රැදී සිටියා.

හිරු එෆ්.එම්., හිරු ටී.වී. සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාව පසුගිය 4 වනදා උදෑසන ආරම්භ වුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි.  

පසුගිය වසර දෙකේදීත්  මෙවන් සර්වඥධාතු ප්‍රදර්ශන දෙකක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් කතරගම කිරිවෙහෙර පුද බිමේ මෙන්ම මහියංගන රජමහා විහාරස්ථානයේදි ද පැවැත්වුණා. සම්බුදු පා පහසින් පූජනීය වූ ඵෙතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පැවැති ධාතු ප්‍රදර්ශනයද, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මහියංගන පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව ද සටහන් කිරීම විශේෂත්වයක්.

එසේම, මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් හිරු ටී.වී, සහ හිරු එෆ්.එම්. සංවිධාන කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ද කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

මීට සමගාමීව, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන වුණු කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් කිරිවෙහෙර පුද බිම ආලෝකමත් කිරීමේ පූජාව ද වෙසක් පොහෝදා පස්වරුවේ පැවැත්වුණා. ඊටද අති විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටි අතර පහන් දල්වා එම කටයුත්ත ඇරඹූ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අනතුරුව කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත පිළිම වහන්සේ නමක් ද පූජා කළා. කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කළේ ඉන් අනතුරුවයි. කිරිවෙහෙර පුද බිමේ පැවැති ආලෝක පූජාව එතෙක්, මෙතෙක් ඉතිහාසයේ එහි පැවැති විශාලතම ආලෝක පූජාව ලෙසයි සැලකෙන්නේ.























Update : Thursday, 07 May 2015 - 9:28
------------------------------------------------------------
හිරු උත්තම ධාතු වන්දනාව: සංඛපාල විහාරස්ථානයටත් මහා සෙනගක්

හිරු උත්තම ධාතු වන්දනාවේ, කිරි වෙහෙර පුදබිමේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී  සර්වඥධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - සංඛපාල විහාරස්ථානය දක්වා වැඩම කරවීම අද (06) සිදුකෙරුණා. මේ වනවිට ධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - සංඛපාල විහාරයේ තැන්පත් කර ඇති අතර අතිවිශාල බැතිමතුන් පිරිසක් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම එම විහාරස්ථානයට පැමිණ සිටින බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඉතිහාසයේ කතරගම - කිරිවෙහෙර පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව සටහන් කරමින් පුරා දින දෙකක් තිස්සේ කතරගම - කිරිවෙහෙර පුදබිමේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - සංඛපාල විහාරස්ථානය වෙත වැඩමවීම සිදුකෙරුණේ අද උදෑසන කාලයේදීයි.

කතරගම සිට තිස්සමහාරාම, දෙබරවැව, පන්නෙගමුව, තණමල්විල, උඩවලව හරහා පල්ලෙබැද්ද ශ්‍රී සංඛපාල විහාරස්ථානය දක්වා සර්වඥධාතූන් වැඩම කරවන අවස්ථාවේදී ඊට වන්දනාමාන කිරීම සඳහා අතිවිශාල බැතිමතුන් පිරිසක් මග දෙපස රැදී සිටියා.

හිරු එෆ්.එම්., හිරු ටී.වී. සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාව පසුගිය 4 වනදා උදෑසන ආරම්භ වුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින්, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි. එය කිරිවෙහෙර පින්බිමේ ඉතිහාසය වෙනස් කළ පින්කමක් බව  කිරිවෙහෙර විහාරාධිකාරී පූජ්‍ය තලගල ඥාණින්ද හිමියන් සඳහන් කළා.

 පල්ලෙබැද්ද - ශ්‍රී සංඛපාල විහාරය වෙත අද වැඩම කරවූ සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදාගැනීමට බැතිමතුන්ට දැන් අවස්ථාව හිමිවී තිබෙනවා.  

පසුගිය වසර දෙකේදීත්  මෙවන් සර්වඥධාතු ප්‍රදර්ශන දෙකක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් කතරගම කිරිවෙහෙර පුද බිමේ මෙන්ම මහියංගන රජමහා විහාරස්ථානයේදි ද පැවැත්වුණා. සම්බුදු පා පහසින් පූජනීය වූ ඵෙතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පැවැති ධාතු ප්‍රදර්ශනයද, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මහියංගන පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව ද සටහන් කිරීම විශේෂත්වයක්.

එසේම, මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් හිරු ටී.වී, සහ හිරු එෆ්.එම්. සංවිධාන කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ද කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම කේන්ද්‍රකරගනිමින් පැවැත්වුණේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

 මීට සමගාමීව, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන වුණු කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් කිරිවෙහෙර පුද බිම ආලෝකමත් කිරීමේ පූජාව ද වෙසක් පොහෝදා පස්වරුවේ පැවැත්වුණා. ඊටද අති විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටි අතර පහන් දල්වා එම කටයුත්ත ඇරඹූ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අනතුරුව කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත පිළිම වහන්සේ නමක් ද පූජා කළා. කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කළේ ඉන් අනතුරුවයි. කිරිවෙහෙර පුද බිමේ පැවැති ආලෝක පූජාව එතෙක්, මෙතෙක් ඉතිහාසයේ එහි පැවැති විශාලතම ආලෝක පූජාව ලෙසයි සැලකෙන්නේ.

   
Update : Wednesday, 06 May 2015 - 19:24
------------------------------------------------------

ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ සංඛපාල විහාරස්ථානයට වැඩම කරවති


හිරු උත්තම ධාතු වන්දනාවේ, කිරි වෙහෙර පුදබිමේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - සංඛපාල විහාරස්ථානය දක්වා මේ වනවිට වැඩම කරවා තිබෙනවා. කතරගම සිට තිස්සමහාරාම, දෙබරවැව, පන්නෙගමුව, තණමල්විල, උඩවලව හරහා පල්ලෙබැද්ද ශ්‍රී සංඛපාල විහාරස්ථානය දක්වා සර්වඥධාතූන් වැඩම කරවන මග දෙපස රැස්වූ බැතිමතුන් ද ඊට වන්දනමාන කරමින් ආශිර්වාද ලබා ගත්තා. පල්ලෙබැද්ද ශ්‍රී සංඛපාල විහාරස්ථානයට ද මේ වනවිට අතිවිශාල බැතිමතුන් පිරිසක් පැමිණ සිටින බව  හිරු උත්තමධාතු වන්දනාවට එක්ව සිටින අප විශේෂ වාර්තාකරු කනිෂ්ක මීගස්මුල්ල ප්‍රකාශ කළා.

Update : Wednesday, 06 May 2015 - 14:14
------------------------------------------------------

හිරු උත්තම ධාතු වන්දනාවේ කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ කිරිවෙහෙර පුදබිමේ සිට පල්ලෙබැද්ද සංඛපාල විහාරයට වැඩම කෙරේ - මඟ දෙපසත් අති විශාල බැතිමතුන් පිරිසක්

හිරු උත්තම ධාතු වන්දනාවේ, කිරි වෙහෙර පුදබිමේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - සංඛපාල විහාරස්ථානය දක්වා වැඩම කරවීම මේ වනවිට සිදුවනවා. ඒ ඉතිහාසයේ කතරගම - කිරිවෙහෙර පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව සටහන් කරමින් පුරා දින දෙකක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ වන්දනාමාන කිරීම්වලින් අනතුරුවයි. කතරගම සිට තිස්සමහාරාම, දෙබරවැව, පන්නෙගමුව, තණමල්විල, උඩවලව හරහා පල්ලෙබැද්ද ශ්‍රී සංඛපාල විහාරස්ථානය දක්වා සර්වඥධාතූන් වැඩම කරවන මඟ දෙපස රැස්වූ බැතිමතුන් මේ වනවිට ඊට වන්දනමාන කරමින් ආශිර්වාද ලබා ගනිමින් සිටිනවා.

හිරු එෆ්.එම්., හිරු ටී.වී. සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාව පසුගිය 4 වනදා උදෑසන ආරම්භ වුණේ ආසියානු මාධ්‍ය  ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි. එය කිරිවෙහෙර පින්බිමේ ඉතිහාසය වෙනස් කළ පින්කමක් බව කිරිවෙහෙර විහාරාධිකාරී පූජ්‍ය තලගල ඥාණින්ද හිමියන් සඳහන් කළා.

පල්ලෙබැද්ද - ශ්‍රී සංඛපාල විහාරය වෙත අද වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ දිනය පුරා ලක්වාසී බැතිමතුන්ට වැඳපුදාගැනීමට අවස්ථාව හිමිවනවා.

පසුගිය වසර දෙකේදීත්  මෙවන් සර්වඥධාතු ප්‍රදර්ශන දෙකක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් කතරගම කිරිවෙහෙර පුද බිමේ මෙන්ම මහියංගන රජමහා විහාරස්ථානයේදි ද පැවැත්වුණා. සම්බුදු පා පහසින් පූජනීය වූ ඵෙතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පැවැති ධාතු ප්‍රදර්ශනයද, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මහියංගන පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව ද සටහන් කිරීම විශේෂත්වයක්.

එසේම, මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් හිරු ටී.වී, සහ හිරු එෆ්.එම්. සංවිධාන කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ද කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

මීට සමගාමීව, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන වුණු කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් කිරිවෙහෙර පුද බිම ආලෝකමත් කිරීමේ පූජාව ද වෙසක් පොහෝදා පස්වරුවේ පැවැත්වුණා. ඊටද අති විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටි අතර පහන් දල්වා එම කටයුත්ත ඇරඹූ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අනතුරුව කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත පිළිම වහන්සේ නමක් ද පූජා කළා. කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කළේ ඉන් අනතුරුවයි. කිරිවෙහෙර පුද බිමේ පැවැති ආලෝක පූජාව එතෙක්, මෙතෙක් ඉතිහාසයේ එහි පැවැති විශාලතම ආලෝක පූජාව ලෙසයි සැලකෙන්නේ.

Update : Wednesday, 06 May 2015 - 12:56
----------------------------------------------------
හිරු උත්තම ධාතු වන්දනාවට ඉතිහාසයේ වැඩිම බැතිමතුන් පිරිසක් කිරිවෙහෙර පුද බිමට

ඉතිහාසයේ කතරගම - කිරිවෙහෙර පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව සටහන් කළ හිරු උත්තම ධාතු වන්දනාවේ, කිරි වෙහෙර පුදබිමේ තැන්පත් කර තිබූ නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - සංඛපාල විහාරස්ථානය දක්වා වැඩම කරවීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම්.

ඉතිහාසයේ කතරගම - කිරිවෙහෙර පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව සටහන් කරමින් හිරු උත්තම ධාතු වන්දනාවට එක්ව පුරා දින දෙකක් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ අවස්ථාව සැදැහැවතුන්ට හිමිවුණා.

හිරු එෆ්.එම්., හිරු ටී.වී. සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාව ආරම්භ වුණේ ආසියානු මාධ්‍ය  ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි.

පල්ලෙබැද්ද - ශ්‍රී සංඛපාල විහාරය වෙත අද වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ දිනය පුරා ලක්වාසී බැතිමතුන්ට වැඳපුදාගැනීමට අවස්ථාව හිමිවනවා.

පසුගිය වසර දෙකේදීත්  මෙවන් සර්වඥධාතු ප්‍රදර්ශන දෙකක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් කතරගම කිරිවෙහෙර පුද බිමේ මෙන්ම මහියංගන රජමහා විහාරස්ථානයේදි ද පැවැත්වුණා. සම්බුදු පා පහසින් පූජනීය වූ ඵෙතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පැවැති ධාතු ප්‍රදර්ශනයද, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මහියංගන පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව ද සටහන් කිරීම විශේෂත්වයක්.

මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් හිරු ටී.වී, සහ හිරු එෆ්.එම්. සංවිධාන කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ද කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

මීට සමගාමීව, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන වුණු කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් කිරිවෙහෙර පුද බිම ආලෝකමත් කිරීමේ පූජාව ද වෙසක් පොහෝදා පස්වරුවේ පැවැත්වුණා. ඊටද අති විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටි අතර පහන් දල්වා එම කටයුත්ත ඇරඹූ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අනතුරුව කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත පිළිම වහන්සේ නමක් ද පූජා කළා. ඔහු විසින් කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කළේ ඉන් අනතුරුවයි. කිරිවෙහෙර පුද බිමේ පැවැති ආලෝක පූජාව එතෙක්, මෙතෙක් ඉතිහාසයේ එහි පැවැති විශාලතම ආලෝක පූජාව ලෙසයි සැලකෙන්නේ.

Update : Wednesday, 06 May 2015 - 08:20
-------------------------------------------------------------------------------------------
කිරිවෙහෙර පුදබිමට ඉතිහාසයේ පැමිණි වැඩිම බැතිමතුන් පිරිස

එදා මෙදාතුර ඉතිහාසයේ කතරගම - කිරිවෙහෙර පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව සටහන් කරමින් හිරු උත්තම ධාතු වන්දනාව දෙවන දිනටත් කිරිවෙහෙර පුද බිමේ දී පැවැත්වෙනවා. මේ වනවිටත් පාසල් සිසු දරුවන් ඇතුලූ අතිවිශාල බැතිමතුන් පිරිසක් එහි රැස්ව සිටින්නේ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වැඳපුදාගැනීම උදෙසායි. සර්වඥ ධාතූන් වහන්සේ උදෙසා සිදුකරන දහවල් බුද්ධ පූජාව මහා සංඝරත්නය විසින් අද සිදුකළ අතර පස්වරුවේ ගිලන්පස පූජාවද සිදු  කෙරුණා.  

හිරු එෆ්.එම්., හිරු ටී.වී. සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාව කතරගම - කිරිවෙහෙර පුද බිමේදී ඊයේ (04) උදෑසන ආරම්භ වුණා. ඒ, ආසියානු මාධ්‍ය  ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි. ධාතූන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව සිදුකිරීමෙන් පසු රැස්ව සිටි බැතිමතුන් සියලූදෙනාට ද කිරිබත් සංග්‍රහයක් එහිදී සිදු කෙරුණා. මෙම අවස්ථාවේදී අනුශාසනාව සිදුකළේ වස්කඩුව - රාජගුරු ශ්‍රී සුභූති විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ හිමියන් විසින්.

ඊයේ  උදෑසන සිට මේ දක්වා අති විශාල බැතිමතුන් පිරිසක් සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තා. එදා මෙදාතුර කතරගම - කිරි වෙහෙර පුදබිමට පැමිණි විශාලතම බැතිමතුන් පිරිස ද මෙයයි.  

 කතරගම - කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පුරා දෙදිනක්  ලක්වාසී ජනතාවට වන්දනාමාන කිරීමේ අවස්ථාව හිමිවනවා.  හෙට පෙරවරුවේ සර්වඥ ධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - ශ්‍රී සංඛපාල විහාරය වෙත වැඩම කරවීමට නියමිතයි.

පසුගිය වසර දෙකේදීත්  මෙවන් සර්වඥධාතු ප්‍රදර්ශන දෙකක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ප්‍රධානත්වයෙන් කතරගම කිරිවෙහෙර පුද බිමේ මෙන්ම මහියංගන රජමහා විහාරස්ථානයේදි ද පැවැත්වුණා. සම්බුදු පා පහසින් පූජනීය වූ ඵෙතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පැවැති ධාතු ප්‍රදර්ශනය, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මහියංගන පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව ද සටහන් කිරීම විශේෂත්වයක්.

මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් හිරු ටී.වී, සහ හිරු එෆ්.එම්. සංවිධානය කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ද කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් පෙරේදා පැවැත්වුණේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. සම්බුදු දහමේ චිරස්ථිතිය උදෙසා නිබදව ප්‍රමුඛත්වය ගන්නා හිරු ටී.වී., හිරු එෆ්.එම්. හිරු ශාක්‍යසිංහ මංගල්‍යය සංවිධාන කරන්නේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්.

මීට සමගාමීව, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන වුණු කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් කිරිවෙහෙර පුද බිම ආලෝකමත් කිරීමේ පූජාව ද පෙරේදා පස්වරුවේ පැවැත්වුණා. ඊටද අති විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටි අතර පහන් දල්වා එම කටයුත්ත ඇරඹූ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අනතුරුව කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත පිළිම වහන්සේ නමක් ද පූජා කළා. ඔහු විසින් කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කළේ ඉන් අනතුරුවයි. කිරිවෙහෙර පුද බිමේ පැවැති ආලෝක පූජාව එතෙක්, මෙතෙක් ඉතිහාසයේ එහි පැවැති විශාලතම ආලෝක පූජාව ලෙසයි සැලකෙන්නේ.  



Update: Tuesday, 05 May 2015 - 18:30
-----------------------------------------------

හිරු උත්තම ධාතු වන්දනාවට අඛණ්ඩව අතිවිශාල බැතිමතුන් පිරිසක්

එදා මෙදාතුර ඉතිහාසයේ කතරගම - කිරිවෙහෙර පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව සටහන් කරමින් හිරු උත්තම ධාතු වන්දනාව දෙවන දිනටත් කිරිවෙහෙර පුද බිමේ දී මේ වනවිට පැවැත්වෙනවා. පාසල් සිසු දරුවන් ඇතුලූ අතිවිශාල බැතිමතුන් පිරිසක් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වැඳපුදාගැනීම සඳහා එහි සිටින බව සඳහන්.

Update: Monday, 05 May 2015 - 03:40 PM
..........................................................................................................................................................................

හිරු උත්තම ධාතු වන්දනාවට කිරිවෙහෙර පුදබිමට ඉතිහාසයේ වැඩිම බැතිමතුන් පිරිසක්

හිරු උත්තම ධාතු වන්දනාව දෙවන දිනටත් කතරගම - කිරිවෙහෙර පුද බිමේ දී මේ වන විට ආරම්භ වී තිබෙනවා. කිරිවෙහෙර පුදබිමේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වෙනුවෙන් සිදුකෙරෙන දහවල් බුද්ධ පූජාමය පිංකම මහා සංඝරත්නය විසින් සිදුකරනු ලැබුවා. සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීම සඳහා අද (05) දිනයේත් පාසල් ළමයින් ඇතුළු අති විශාල බැතිමතුන් පිරිසක් පුද බිම වෙත පැමිණෙමින් සිටින බවයි එම ස්ථානයේ සිටින හිරු විශේෂ වාර්තාකරු සදහන් කළේ. එතෙක් මෙතෙක් ඉතිහාසයේ කිරිවෙහෙර පුද බිමට පැමිණි වැඩිම බැතිමතුන් පිරිස ලෙස ද මෙය වාර්තා වනවා.

හිරු එෆ්.එම්., හිරු ටී.වී. සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාව කතරගම - කිරිවෙහෙර පුද බිමේදී ඊයේ උදෑසන ආරම්භ වුණේ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි. ආසියානු මාධ්‍ය  ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් එම කටයුතු සිදුකෙරුණා.

ඊයේ උදෑසන සිට මේ දක්වා අති විශාල බැතිමතුන් පිරිසක් ධාතූන් වහන්සේ වැඳපුදා ගත් බවයි එහි සිටින හිරු විශේෂ වාර්තාකරුවන් සඳහන් කළේ.

කතරගම - කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ පුරා දෙදිනක්  ලක්වාසී ජනතාවට වන්දනාමාන කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. අනතුරුව හෙට සර්වඥ ධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - ශ්‍රී සංඛපාල විහාරය වෙත වැඩම කරවීමට නියමිතයි.

පසුගිය වසර දෙකේදී මෙවන් සර්වඥධාතු ප්‍රදර්ශන දෙකක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ප්‍රධානත්වයෙන් කතරගම කිරිවෙහෙර පුද බිමේ මෙන්ම මහියංගන රජමහා විහාරස්ථානයේදි ද පැවැත්වුණා. සම්බුදු පා පහසින් පූජනීය වූ ඵෙතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පැවැති ධාතු ප්‍රදර්ශනය, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මහියංගන පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව ද සටහන් කළා.

මේ අතර, වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් හිරු ටී.වී, සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ද කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් පෙරේදා පැවැත්වුණේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

සම්බුදු දහමේ චිරස්ථිතිය උදෙසා නිබඳව ප්‍රමුඛත්වය ගන්නා හිරු ටී.වී., හිරු එෆ්.එම්. මෙවරත් හිරු ශාක්‍යසිංහ මංගල්‍යය සංවිධාන කළේ ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්.

මීට සමගාමීව, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන වුණු කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් කිරිවෙහෙර පුද බිම ආලෝකමත් කිරීමේ පූජාව ද පෙරේදා පස්වරුවේ පැවැත්වුණේ අති විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. පහන් දල්වා එම කටයුත්ත ඇරඹූ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අනතුරුව කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත බුදු පිළිම වහන්සේ නමක් ද පූජා කළා. කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කළේ ඉන් අනතුරුවයි. කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ආලෝකමත් කිරීම සහ පුද බිමේ පැවැති ආලෝක පූජාව එතෙක්, මෙතෙක් ඉතිහාසයේ කිරිවෙහෙර පුද බිමේ පැවැති විශාලතම ආලෝක පූජාව ලෙසයි සැලකෙන්නේ.

Update: Monday, 05 May 2015 - 11:00
..........................................................................................................................................................................

කිරිවෙහෙර පුද බිමේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා පැවැත්වෙන දහවල් බුද්ධ පූජා පිංකමට සියලූ කටයුතු සූදානම්

හිරු උත්තම ධාතු වන්දනාව දෙවන දිනටත් කතරගම - කිරිවෙහෙර පුද බිමේ දී මේ වන විට ආරම්භ වී තිබෙනවා. කිරිවෙහෙර පුදබිමේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වෙනුවෙන් දහවල් බුද්ධ පූජාමය පිංකම පැවැත්වීම සඳහා මේ වන විට සියලූ කටයුතු සූදානම් කරමින් පවතිනවා. සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීම සඳහා අද දිනයේත් පාසල් ළමයින් ඇතුළු අති විශාල බැතිමතුන් පිරිසක් පුද බිම වෙත පැමිණෙමින් සිටින බවයි එම ස්ථානයේ සිටින හිරු විශේෂ වාර්තාකරු සදහන් කළේ. එතෙක් මෙතෙක් ඉතිහාසයේ කිරිවෙහෙර පුද බිමට පැමිණි වැඩිම බැතිමතුන් පිරිස ලෙස ද මෙය වාර්තා වනවා.

Update: Monday, 05 May 2015 - 10:15
..........................................................................................................................................................................

හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනටත් අති විශාල බැතිමතුන් පිරිසක්

හිරු උත්තම ධාතු වන්දනාව දෙවන දිනටත් කතරගම - කිරිවෙහෙර පුද බිමේ දී මේ වන විට ආරම්භ වී තිබෙනවා. කිරිවෙහෙර පුද බිමේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා අද (05) දිනයේ ද අති විශාල බැතිමතුන් පිරිසක් පුද බිම වෙත පැමිණෙමින් සිටිනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ කිරිවෙහෙර පුද බිමට පැමිණි වැඩිම බැතිමතුන් පිරිස ලෙසයි මෙය වාර්තා වන්නේ.

මීට සමගාමීව, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන වුණු කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් කිරිවෙහෙර පුද බිම ආලෝකමත් කිරීමේ පූජාව ද පෙරේදා පස්වරුවේ පැවැත්වුණේ අති විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. පහන් දල්වා එම කටයුත්ත ඇරඹූ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අනතුරුව කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත බුදු පිළිම වහන්සේ නමක් ද පූජා කළා. කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කළේ ඉන් අනතුරුවයි. කිරිවෙහෙර චෛ්‍ය රාජයාණන් වහන්සේ ආලෝකමත් කිරීම සහ පුද බිමේ පැවැති ආලෝක පූජාව එතෙක්, මෙතෙක් ඉතිහාසයේ කිරිවෙහෙර පුද බිමේ පැවැති විශාලතම ආලෝක පූජාව ලෙසයි සැලකෙන්නේ. 

Update: Monday, 05 May 2015 - 7:30
..........................................................................................................................................................................

හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි - එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම බැතිමතුන් පිරිසක් කිරිවෙහෙර පුදබිමට

හිරු උත්තම ධාතු වන්දනාව දෙවන දිනටත් කතරගම - කිරිවෙහෙර පුද බිමේ දී මේ වන විට ආරම්භ වී තිබෙනවා. කිරිවෙහෙර පුද බිමේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා අද දිනයේ ද අති විශාල බැතිමතුන් පිරිසක් පුද බිම වෙත පැමිණෙමින් සිටිනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ කිරිවෙහෙර පුද බිමට පැමිණි වැඩිම බැතිමතුන් පිරිස ලෙසයි මෙය වාර්තා වන්නේ.

මේ වන විට කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වෙනුවෙන් උදෑසන ගිලන්පස බුද්ධ පූජාව සූදානම් කරමින් පවතින බවයි  කතරගම කිරිවෙහෙර පුද බිමේ සිටින හිරු විශේෂ වාර්තාකරු කණිෂ්ක මීගස්මුල්ල කියා සිටියේ.

හිරු එෆ්.එම්., හිරු ටී.වී. සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාව කතරගම - කිරිවෙහෙර පුද බිමේදී ඊයේ උදෑසන ආරම්භ වුණේ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි. ආසියානු මාධ්‍ය  ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් එම කටයුතු සිදුකෙරුණා.

ඊයේ උදෑසන සිට මේ දක්වා අති විශාල බැතිමතුන් පිරිසක් ධාතූන් වහන්සේ වැඳපුදා ගත් බවයි එහි සිටින හිරු විශේෂ වාර්තාකරුවන් සඳහන් කළේ.

කතරගම - කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ පුරා දෙදිනක් ලක්වාසී ජනතාවට වන්දනාමාන කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. අනතුරුව හෙට සර්වඥ ධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - ශ්‍රී සංඛපාල විහාරය වෙත වැඩම කරවීමට නියමිතයි.  

පසුගිය වසර දෙකේදී මෙවන් සර්වඥධාතු ප්‍රදර්ශන දෙකක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ප්‍රධානත්වයෙන් කතරගම කිරිවෙහෙර පුද බිමේ මෙන්ම මහියංගන රජමහා විහාරස්ථානයේදි ද පැවැත්වුණා. සම්බුදු පා පහසින් පූජනීය වූ ඵෙතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පැවැති ධාතු ප්‍රදර්ශනය, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මහියංගන පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව ද සටහන් කළා.

මේ අතර, වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් හිරු ටී.වී, සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ද කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් පෙරේදා පැවැත්වුණේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

සම්බුදු දහමේ චිරස්ථිතිය උදෙසා නිබදව ප්‍රමුඛත්වය ගන්නා හිරු ටී.වී., හිරු එෆ්.එම්. මෙවරත් හිරු ශාක්‍යසිංහ මංගල්‍යය සංවිධාන කළේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්.

මීට සමගාමීව, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන වුණු කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් කිරිවෙහෙර පුද බිම ආලෝකමත් කිරීමේ පූජාව ද පෙරේදා පස්වරුවේ පැවැත්වුණේ අති විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. පහන් දල්වා එම කටයුත්ත ඇරඹූ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අනතුරුව කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත බුදු පිළිම වහන්සේ නමක් ද පූජා කළා. කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කළේ ඉන් අනතුරුවයි. කිරිවෙහෙර චෛ්‍ය රාජයාණන් වහන්සේ ආලෝකමත් කිරීම සහ පුද බිමේ පැවැති ආලෝක පූජාව එතෙක්, මෙතෙක් ඉතිහාසයේ කිරිවෙහෙර පුද බිමේ පැවැති විශාලතම ආලෝක පූජාව ලෙසයි සැලකෙන්නේ. 

Update: Tuesday, 05 May 2015 - 7:40
-------------------------------------------------------------
හිරු උත්තම ධාතු වන්දනාවෙන් කතරගම - කිරිවෙහෙර පුදබිම බැතිමතුන්ගෙන් පිරී යයි.

කතරගම - කිරිවෙහෙර පුද බිමේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පුද බිම වෙත පැමිණෙමින් සිටිනවා.

සිටිනවා. හිරු එෆ්.එම්., හිරු ටී.වී. සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාව කතරගම - කිරිවෙහෙර පුද බිමේදී අද උදෑසන ආරම්භ වුණේ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි. ආසියානු මාධ්‍ය  ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් එම කටයුතු සිදුකෙරුණා.

අද උදෑසන සිට මේ දක්වා දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ධාතූන් වහන්සේ වැඳපුදා ගත් බවයි එහි සිටින හිරු විශේෂ වාර්තාකරුවන් සඳහන් කළේ.  

කතරගම - කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ පුරා දෙදිනක්  ලක්වාසී ජනතාවට වන්දනාමාන කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. අනතුරුව 6 වන දා සර්වඥ ධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - ශ්‍රී සංඛපාල විහාරය වෙත වැඩම කරවීමට නියමිතයි. එදින බැතිමතුන්ට එම විහාරස්ථානයේදී සර්වඥ ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමේ හැකියාව පවතිනවා.  

පසුගිය වසර දෙකේදී මෙවන් සර්වඥධාතු ප්‍රදර්ශන දෙකක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ප්‍රධානත්වයෙන් කතරගම කිරිවෙහෙර පුද බිමේ මෙන්ම මහියංගන රජමහා විහාරස්ථානයේදි ද පැවැත්වුණා. සම්බුදු පා පහසින් පූජනීය වූ ඵෙතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පැවැති ධාතු ප්‍රදර්ශනය, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මහියංගන පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව ද සටහන් කළා.

මේ අතර, වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් හිරු ටී.වී, සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ද කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවැත්වුණේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

සම්බුදු දහමේ චිරස්ථිතිය උදෙසා නිබදව ප්‍රමුඛත්වය ගන්නා හිරු ටී.වී., හිරු එෆ්.එම්. මෙවරත් හිරු ශාක්‍යසිංහ මංගල්‍යය සංවිධාන කළේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්.

මීට සමගාමීව, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන වුණු කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් කිරිවෙහෙර පුද බිම ආලෝකමත් කිරීමේ පූජාව ද ඊයේ පස්වරුවේ පැවැත්වුණේ අති විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. පහන් දල්වා එම කටයුත්ත ඇරඹූ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අනතුරුව කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත බුදු පිළිම වහන්සේ නමක් ද පූජා කළා. කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කළේ ඉන් අනතුරුවයි.



Update: Monday, 04 May 2015 - 06:57 PM
.....................................................................................................................................................................

හිරු උත්තම ධාතු වන්දනාවට අති විශාල බැතිමතුන් පිරිසක් කතරගම - කිරිවෙහෙර පුද බිමට


කතරගම - කිරිවෙහෙර පුද බිමේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පුද බිම වෙත පැමිණ සිටිනවා. හිරු එෆ්.එම්., හිරු ටී.වී. සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාව කතරගම - කිරිවෙහෙර පුද බිමේදී අද (04) උදෑසන ආරම්භ වුණේ වස්කඩුව - රාජගුරු ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි. ආසියානු මාධ්‍ය  ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් එම කටයුතු සිදුකෙරුණා.

කතරගම - කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ පුරා දෙදිනක් ලක්වාසී ජනතාවට වන්දනාමාන කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. අනතුරුව 6 වන දා සර්වඥ ධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - ශ්‍රී සංඛපාල විහාරය වෙත වැඩම කරවීමට නියමිතයි. එදින බැතිමතුන්ට එම විහාරස්ථානයේදී සර්වඥ ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමේ හැකියාව පවතිනවා.

පසුගිය වසර දෙකේදී මෙවන් සර්වඥධාතු ප්‍රදර්ශන දෙකක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ප්‍රධානත්වයෙන් කතරගම කිරිවෙහෙර පුද බිමේ මෙන්ම මහියංගන රජමහා විහාරස්ථානයේදි ද පැවැත්වුණා. සම්බුදු පා පහසින් පූජනීය වූ ඵෙතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පැවැති ධාතු ප්‍රදර්ශනය, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මහියංගන පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව ද සටහන් කළා.

මේ අතර, වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් හිරු ටී.වී, සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවැත්වුණේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

සම්බුදු දහමේ තිරස්චිතිය උදෙසා නිබදව ප්‍රමුඛත්වය ගන්නා හිරු ටී.වී., හිරු එෆ්.එම්. මෙවරත් හිරු ශාක්‍යසිංහ මංගල්‍යය සංවිධාන කළේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්. ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමට රැස් වූ අතිවිශාල උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලය පිහිටුවා ආරම්භ කළ එම කටයුත්ත ධර්ම දේශනා, බුද්ධ පූජා සහ ධර්ම සාකච්ඡාවලින් පෝෂිත වුණා.

මීට සමගාමීව, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන වුණු කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් කිරිවෙහෙර පුද බිම ආලෝකමත් කිරීමේ පූජාව ද ඊයේ පස්වරුවේ පැවැත්වුණේ අති විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. පහන් දල්වා එම කටයුත්ත ඇරඹූ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අනතුරුව කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත බුදු පිළිම වහන්සේ නමක් ද පූජා කළා. කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කළේ ඉන් අනතුරුවයි. 

































Update: Monday, 04 May 2015 - 11:35
.....................................................................................................................................................................

හිරු උත්තම ධාතු වන්දනාව සඳහා කතරගම - කිරිවෙහෙර පුද බිමට අති විශාල බැතිමතුන් පිරිසක් එක්වෙයි

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ ලක්වාසී ජනතාවට වැද පුදා ගැනීමේ අවස්ථාව උදා කරමින් හිරු උත්තම ධාතු වන්දනාව කතරගම කිරිවෙහෙර පුද බිමේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ වන විටත් විශාල බැතිමතුන් පිරිසක් ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට කතරගම - කිරිවෙහෙර පුද බිම වෙත පැමිණෙමින් සිටිනවා. මේ වන විට සර්වඥ ධාතූන් වහන්සේ උදෙසා දහවල් දානමය පූජෝත්සවය පැවැත්වෙමින් තිබෙන බවයි කතරගම කිරිවෙහෙර පුද බිමේ සිටින හිරු විශේෂ වාර්තාකරු කණිෂ්ක මීගස්මුල්ල කියා සිටියේ.

Update: Monday, 04 May 2015 - 10:55
.....................................................................................................................................................................

හිරු උත්තම ධාතු වන්දනාව සඳහා කතරගම - කිරිවෙහෙර පුද බිමට අති විශාල බැතිමතුන් පිරිසක්

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ ලක්වාසී ජනතාවට වැද පුදා ගැනීමේ අවස්ථාව උදා කරමින් හිරු උත්තම ධාතු වන්දනාව කතරගම කිරිවෙහෙර පුද බිමේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ වන විටත් විශාල බැතිමතුන් පිරිසක් ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට කතරගම - කිරිවෙහෙර පුද බිම වෙත පැමිණ සිටින බවයි කතරගම කිරිවෙහෙර පුද බිමේ සිටින හිරු විශේෂ වාර්තාකරු කණිෂ්ක මීගස්මුල්ල කියා සිටියේ.

කතරගම - කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කළ සර්වඥධාතූන් වහන්සේ පුරා දෙදිනක් ලක්වාසී ජනතාවට වන්දනාමාන කරන්නට අවස්ථාව සැලසෙනවා. අනතුරුව 6 වන දා සර්වඥ ධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - ශ්‍රී සංඛපාල විහාරයට වැඩම කරවන අතර එදින බැතිමතුන්ට එම විහාරස්ථානයේදී සර්වඥ ධාතූන් වහන්සේ වැද පුදා ගත හැකියි.

Update: Monday, 04 May 2015 - 7:30
.....................................................................................................................................................................

හිරු උත්තම ධාතු වන්දනාව කතරගම - කිරිවෙහෙර පුද බිමේදී ඇරඹේ - අති විශාල බැතිමතුන් පිරිසක් ධාතු වන්දනාවට එක්වෙයි

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ ලක්වාසී ජනතාවට වැද පුදා ගැනීමේ අවස්ථාව උදා කරමින් හිරු උත්තම ධාතු වන්දනාව අද (04) අලූයම කතරගම කිරිවෙහෙර පුද බිමේදී ආරම්භ වුණා. ඒ වන විටත් අති විශාල බැතිමතුන් පිරිසක් ධාතූන් වහන්සේ වැද පුදා ගැනීම සඳහා එහි පැමිණ සිටියා. වස්කඩුව - රාජගුරු ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ අද අලූයම කතරගම කිරිවෙහෙර පුද බිමට වැඩම කරවනු ලැබුවා.

කතරගම කිරිවෙහෙර විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කළ සර්වඥධාතූන් වහන්සේ පුරා දෙදිනක් ලක්වාසී ජනතාවට වන්දනාමාන කරන්නට අවස්ථාව සැලසෙනවා. අනතුරුව 6 වන දා සර්වඥ ධාතූන් වහන්සේ පල්ලෙබැද්ද - ශ්‍රී සංඛපාල විහාරයට වැඩම කරවන අතර එදින බැතිමතුන්ට එම විහාරස්ථානයේදී සර්වඥ ධාතූන් වහන්සේ වැද පුදා ගත හැකියි.

පසුගිය වසර දෙකේදී මෙවන් සර්වඥධාතු ප්‍රදර්ශන දෙකක් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ප්‍රධානත්වයෙන් කතරගම කිරිවෙහෙර පුද බිමේ මෙන්ම මහියංගන රජමහා විහාරස්ථානයේදි ද පැවැත්වුණා. සම්බුදු පා පහසින් පූජනීය වූ ඵෙතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පැවැති ධාතු ප්‍රදර්ශනය, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මහියංගන පුදබිමට පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව ද සටහන් කළා.

මේ අතර, වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් හිරු ටී.වී, සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවැත්වුණේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

සම්බුදු දහමේ තිරස්චිතිය උදෙසා නිබදව ප්‍රමුඛත්වය ගන්නා හිරු ටී.වී., හිරු එෆ්.එම්. මෙවරත් හිරු ශාක්‍යසිංහ මංගල්‍යය සංවිධාන කළේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්. ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමට රැස් වූ අතිවිශාල උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලය පිහිටුවා ආරම්භ කළ එම කටයුත්ත ධර්ම දේශනා, බුද්ධ පූජා සහ ධර්ම සාකච්ඡාවලින් පෝෂිත වුණා.

මීට සමගාමීව, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන වුණු කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් කිරිවෙහෙර පුද බිම ආලෝකමත් කිරීමේ පූජාව ද ඊයේ පස්වරුවේ පැවැත්වුණේ අති විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. පහන් දල්වා එම කටයුත්ත ඇරඹූ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අනතුරුව කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත බුදු පිළිම වහන්සේ නමක් ද පූජා කළා. කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කළේ ඉන් අනතුරුවයි.  

සුදුවතින් සැරසී මේ මහඟු පිං කටයුත්තට දායක වන ලෙස ලක්වාසී සෑම සියලූ දෙනාටම හිරු ටී.වී., හිරු එෆ්.එම්. ආරාධනා කර සිටිමු.