කලහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍ය භික්ෂූන්ට වැඩ වරදින හැඩයි

Monday, 04 May 2015 - 8:18

%E0%B6%9A%E0%B6%BD%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A9%E0%B6%BA%E0%B7%92
කොළඹ - වෝඞ් පෙදෙසෙහි පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පසුගිය 29 වන දා පැවැති උද්ඝෝෂණයේදී කලහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සිසුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා. ඒ සඳහා එම අවස්ථාවේදී ලබාගත් වීඩියෝ පට සහ ඡායාරූප පරීක්ෂා කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මේ අතර, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් එල්ල කරන ලද ගල් ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගතව සිටින කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ දෙමටගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයාගේ සුව දුක් විමසීම සඳහා පොලිස්පතිවරයා ඊයේ (03) කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා. ඔවුන් කොළඹ ජාතික රෝහලෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට මාරු කර යැවීමට ද කටයුතු කර තිබෙනවා.

ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම කප්පාදු කර ඇති බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූයේ පසුගිය 29 වනදායි. එහිදී ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ සරසවි සිසුන් ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඇතුළුවීමට උත්සාහ දැරීමේදී පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මේ අතර, ගැටුම හේතුවෙන් තුවාල ලැබූ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පස් නමක් ද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත්, උද්ඝෝෂණයෙන් අනතුරුව සිදුකරන ලද පරීක්ෂණවලින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එම වීඩියෝව පහතින් බලන්න.....