වෙසක් සිරි නැරඹීමට ගිය 2ක් මරුට - 32කට තුවාල

Monday, 04 May 2015 - 8:34

%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+32%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
දිවයිනේ සෑම ප්‍රදේශයකම ඊයේ (03) පස්වරුවේ සිට වෙසක් සිරි නැරඹීම සඳහා විශාල පිරිසක් විවිධ ස්ථාන කරා ගමන් කිරීම දක්නට ලැබුණා. මේ අතර, දෙහිඅත්තකණ්ඩිය - මහියංගනය - පොළොන්නරුව මාර්ගයේ සඳුන්පුර ප්‍රදේශයේ සහ කරුවලගස්වැව - පුත්තලම - අනුරාධපුර මාර්ගයේ මීඔය පාලම අසළ දී සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී 32 තුවාල ලබා තිබෙනවා. දෙහිඅත්තකණ්ඩිය - සඳුන්පුර ප්‍රදේශයේ දී ශ්‍රී ලංගම බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ආරවත්ත - මහියංගනය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්. තුවාලකරුවන් අතර රියදුරන් දෙදෙනා සහ පුද්ගලයන් 10 දෙනෙකු, කාන්තාවන් 11 දෙනෙකු වනවා.

මේ අතර, පුත්තලම - කරුවලගස්වැව ප්‍රදේශයේ මීඔය පාලම අසළ දී පෞද්ගලික බස් රථයක් සහ අත්ට්‍රැක්ටරයක ගැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී අත්ට්‍රැක්ටරයේ ගමන් කළ ළමයින් 3 දෙනෙකු, කාන්තාවන් 4 දෙනෙකු, පිරිමි පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලැබුවා.

මේ අතර, වෙසක් පොහොය නිමිති කරගෙන දිවයින පුරා පවත්වාගෙන යනු ලබන දන්සැල් පරීක්ෂා කිරීම අද දිනයේත් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය සදහන් කළේ දිවයින පුරා දන්සැල් 6361ක් ලියාපදිංචි වී ඇති බවයි.  

මේ අතර, පාරිභෝජනයට නුසුදුසු ආහාර සකස් කර තිබූ ගාල්ල - බද්දේගම ප්‍රදේශයේ දන්සැල් 3ක් තහනම් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ පියවර ගත්තා. සව් දන්සැලක් සහ සිසිල් බීම දන්සැල් 2 ක් මෙලෙස තහනම් කර ඇති බවයි පරීක්ෂණ සඳහා එක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ආහාර සඳහා යොදා ගත් අමුද්‍රව්‍ය සහ ජලය නුසුදුසු බැවින් මෙම දන්සැල් තහනම් කිරීමට පියවර ගත් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ලේකම් සෙනරත් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800 ක් යොදවා ඇති බවයි.

මේ අතර, පිළියන්දල - බණ්ඩාරගම ප්‍රදේශයේ යතුරුපැදි අලූත්වැඩියා කරන සුළු ව්‍යාපාරිකයෙකු ඊයේ දවස පුරා රථ වාහන සඳහා හුළං දන්සැලක් ලබාදී තිබෙනවා. අප වාර්තාකරු සදහන් කළේ මාර්ගයේ ගමන් ගත් වැඩි රථවාහන ප්‍රමාණයක් හුලං දන්සලට සහභාගි වූ බවයි. එමෙන්ම වෙසක් පොහොය නිමිත්තෙන් මහියංගනය - කුරුවිතැන්නේ වෙළද ව්‍යාපාරිකයෙකු භූමි තෙල් දන්සලක් පවත්වා තිබෙනවා.