පාකිස්තානයේ විශේෂ මෙහෙයුමක්

Tuesday, 05 May 2015 - 8:25

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පාකිස්තානයේ ක්‍රියාත්මක වන අන්තවාදී කණ්ඩායම් මර්දනය කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට එරට ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ පාකිස්තානයේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් විසින් ගෙන ගිය ත්‍රස්ත ක්‍රියා උත්සන්න වීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ. මේ අතර, මෙම විශේෂ මෙහෙයුම සඳහා විදෙස් හමුදා බුද්ධි අංශවල සහාය ලබා ගැනීමට ද පාකිස්තානය බලාපොරොත්තු වනවා.