Update: ජොන්ස්ටන් රිමාන්ඞ්

Tuesday, 05 May 2015 - 15:27

Update%3A+%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අද (05) අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි.

අද පෙරවරුවේ සිට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පැය 5 කට වැඩි කාලයක් ප්‍රශ්න කළා. ඒ, ඔහු වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ ලක් සතොස ආයතන කිහිපයකින් මුදල් ගෙවීම් සිදුනොකර භාණ්ඩ ලබාගෙන රුපියල් පනස් දෙලක්ෂ 75,000 ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන්. ලංකා සතොස ප්‍රධාන කාර්යාලයේ තොග හා පාලන ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීවරයා මෙම පැමිණිල්ල සිදුකර තිබුණා.

පසුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසයි.  


Update: Tuesday, 05 May 2015 - 18:30
------------------------------------------------

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ සිට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ප්‍රශ්න කළා. ඒ, ඔහු වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ ලක් සතොස ආයතන කිහිපයකින් මුදල් ගෙවීම් සිදුනොකර භාණ්ඩ ලබාගෙන රුපියල් පනස් දෙලක්ෂ 75,316ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන්.

ලංකා සතොස ප්‍රධාන කාර්යාලයේ තොග හා පාලන ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීවරයා විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබූ අතර  ඒ සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේ පසුගිය 22 වැනිදායි. ඒ අනුව මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම් දී තිබුණා.

මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :

ජොනී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය