Update: සල්මන් වසර 5 කට හිරේ යයි

Wednesday, 06 May 2015 - 11:44

Update%3A+%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මාරක රිය අනතුරක් සිදුකර පලා යාම සම්බන්ධයෙන් වරදකරු වූ ජනප්‍රිය බොලිවුඞ් නළු සල්මන් ඛාන්ට මුම්බායි අධිකරණය වසර 5 ක සිරදඬුවම් නියම කර තිබෙනවා. මීට අදාළ නඩු විභාගය අද (06) පෙරවරුවේ සිදුවූ අතර එහිදී සල්මන් ඛාන් වරදකරු බවට ප්‍රකාශ කෙරුණා. අනතුරුවයි ඊට අදාළ දඬුවම් නියම කර ඇත්තේ. 2002 වසරේදී මුම්බායි නගරයේ පදික වේදිකාවක නිදා සිටි පුද්ගලයින් 5 දෙනෙකු සිය ජිප් රථයෙන් යටකර පලා යාම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි. එහිදී එක් අයෙකු මියගොස් තිබුණා.

Update: Wednesday, 06 May 2015 - 11:44
...........................................................................................................................................

මාරක රිය අනතුරක් කර පලාගිය සල්මන් ඛාන් සිපිරිගෙට

බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන් දස වසරකට සිරගත කිරීමට සූදානම් වන බවට පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඊට හේතුව වී තිබෙන්නේ 2002 වසරේ සැප්තැම්බර් මස මුම්බායි නගරයේදි සිදුකළ කියන මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාම ඇතුළුව 5ක් තුවාල සිදුකිරීමයි. එම සිදුවීම ඇතුළුව චෝදනා 7ක් සම්බන්ධයෙන් මේ වන විට සල්මන් චූදිතයෙක් බවට තහවුරු වී තිබෙනවා. මේ අනුව සල්මාන්ට දස වසරකට සිරබත් කෑමට සිදුවනු ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එම චෝදනාවන් පහතින්.....

* මිනිසුන්ගේ ජීවිත අනතුරු දැමීම
* මත්පැන් පානය කරමින් රිය ධාවනය කිරීම
* සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් නොකිරීම
* සිදුවීම වූ ස්ථානයෙන් පලායාම
* අනතුර සිදුකළ රථය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් නොකිරීම
* පුද්ගල ඝාතනයක් සිදුකිරීම ඇතුළු තවත් එක් කාරණාවක් සම්බන්ධයෙන්