බිරිඳක් ලබාදෙන්නැයි ඉල්ලා පුද්ගලයෙකු දික්වැල්ලේ අධිබලැති විදුලි කණුවකට නැග ඇත. පොලිසිය වහා විදුලිබල මණ්ඩලයට දන්වා විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර ඇත. තවත් තරුණයෙක් කණුවට නැග ඔහු බිමට බස්සවා ගැනීමට උත්සාහ ගෙනතිබේ. කණුවේ සිටි පුද්ගලයා එම තරුණයාට පහර දී ඇත. කෙසේ වෙතත් විදුලි කණුවේ නැග සිටි පුද්ගලයා බිමට බස්සවා ගැනීමට පොලිසිය සමත් විය. එම පුද්ගලයා මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.