බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අද පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා සියලූම කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මන්ත්‍රී ආසන 650 ක් සඳහා මෙවර මැතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා මිලියන 50 ක ඡන්ද දායකයින් සුදුසුකම් ලබා තිබෙනවා. ඒ සඳහා ඡන්ද මධ්‍යස්ථාන 50 000 කට වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙක් ඉදිරිපත් වීමද විශේෂත්වයක්.