ඩොලර් බිලියන 18 ගැන හිටපු ජනපතිගෙන් පිළිතුරු

Friday, 08 May 2015 - 8:27

%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+18+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
වත්මන් ආණ්ඩුව රාජපක්ෂ පවුලේ වත්කම් ගණනය කර ඇත්තේ තම පාලන කාලය තුළ සිදුකළ දැවැන්ත සංවර්ධන කටයුතුවලින් දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කරනවා. නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී ඊයේ ඔහු මේ බව ප්‍රකාශ කළේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලෙසයි. විදේශීය කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ විදේශ රටවල් 4 ක සහයෙන් දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව රාජපක්ෂ පවුලේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 18 ක් පමණ වන බවයි.

ඊට පිළිතුරු වශයෙන් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ තම පාලන සමය තුළ සිදුකළ වරාය, ගුවන්තොටුපල ඉදිකිරීම්, මහාමාර්ග සංවර්ධනය ආදිය සැලකිල්ලට ගෙන මෙම අනුමානය සිදුකරන්නට ඇති බවයි.