රනිල් ජයවර්ධනත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට

Friday, 08 May 2015 - 13:27

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඊයේ (07) පැවති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් දැනට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්ගේ කන්සර්වටිව් පක්ෂය පැහැදිලි ජයක් වාර්තා කර තිබෙනවා. ආසන 650 කින් යුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 588 ක ප්‍රතිඵල දැන් නිකුත් වී අවසන්. එහිදී කන්සර්වටිව් පක්ෂයට ආසන 284 ක් හිමිවී ඇති අතර, කම්කරු පක්ෂයට හිමිවී ඇත්තේ ආසන 218 ක් පමණයි. ආසන 56 ක් දිනා ගත් ස්කොට්ලන්ත ජාතික පක්ෂය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ 3 වන විශාලතම පක්ෂය බවට පත්වී තිබෙනවා. කම්කරු පක්ෂයට පසුගිය මැතිවරණයේදී ජයග්‍රහණය කළ ආසන 25 ක් අහිමිවී ඇති අතර වෙවිඞ් කැමරන්ගේ කන්සර්වටිව් පක්ෂය ආසන 20 ක් අලූතින් දිනා ගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනා ගැනීම සඳහා ආසන 326 ක් දිනා ගත යුතු අතර, කන්සර්වටිව් පක්ෂය ආසන 329 ක් ලබාගනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. මේ අතර, මෙවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන, සිය අසුන ජය ගැනීමට සමත්වුණේ ඡන්ද 35,573 ක් එනම්, සිය අසුනෙන් 66% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.