අස්ගිරි පාර්ශවයේ අභිනව මහනායක ධුරය අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන්ට

Friday, 08 May 2015 - 15:12

%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B6%B8+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AF%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ 21 වන මහානාහිමියන් ලෙස මෙතෙක් අනුනායක ධුරයේ කටයුතු කළ අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් අද (08) තේරී පත්වුණා. ඒ, අස්ගිරි මහවිහාරයේ මංගල උපෝසථාගාරයට අද පස්වරුවේ රැස්වූ අස්ගිරි පාර්ශවයේ කාරක මහා සංඝ සභාවේ හිමිවරුන්ගේ ඒකමතිකත්වයෙන්.

අස්ගිරි මහවිහාරයේ කාරක මහා සංඝ සභාවේ සාමාජික භික්ෂූන් වහන්සේ 18 නමක් අතුරෙන් ජ්‍යෙෂ්ඨ හිමිනමක් මහනායක ධුරයට පත් කර ගැනීම සිදුකෙරෙනවා. යම් හෙයකින් අයදුම්පත් එකකට වඩා ඉදිරිපත් වුවහොත් වැඩි කැමැත්ත හිමි වන ස්වාමීන් වහන්සේට ධුරය හිමිවීම සම්ප්‍රදායයි. ඒ අනුව අද පස්වරුවේ අස්ගිරි මහා විහාරයේ උපෝසථාගාරය වෙත රැස්වූ අස්ගිරි පාර්ශවයේ කාරක මහා සංඝ සභාව 93 වියැති අතිපූජ්‍ය ගලගම අත්තදස්සී අනුනායක හිමියන් එම ධුරයට පත් කිරීම සුදුසු බව තීරණය කළා.

ගලගම අත්තදස්සී මහනාහිමියන් 1922 ජනවාරි 11 වන දා  මාතලේ අස්ගිරි පල්ලේසියපත්තුව ප්‍රදේශයේ දී උපත ලබා තිබෙනවා. උන්වහන්සේගේ මව සහ පියා වූයේ තෙන්නකෝන් මුදියන්සෙලාගේ පිංචිඅම්මා කුමාරිහාමි සහ කුලතුංග මුදියන්සෙලාගේ ඩිංගිරි බණ්ඩා නිළමේ තුමායි.











ඡායාරූප - චන්දන උඩවලව