කෝට්ටේ විපක්ෂ නායක රෝහලේදී අත්අඩංගුවට

Friday, 08 May 2015 - 15:55

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ විපක්ෂ නායක සුගත් අප්පුහාමි පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ (07) නගර සභා භූමියේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති ජනක රණවක ද අත්අඩංගුවට ගැනුණේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.

කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපතිවරයාගෙන් මෙන්ම විපක්ෂ නායකවරයාගෙන් ද සිද්ධියට අදාළව වෙන වෙනම පහරදීම සම්බන්ධයෙන් වන පැමිණිලි වැලිකඩ පොලීසියට ලැබී තිබුණා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ වංචා දූෂණ රැසක් පවතින බවට පවසමින් විපක්ෂ නායක සුගත් අප්පුහාමි මහනගර සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වන අතරතුරතුරයි මෙම ගැටුම හටගෙන තිබුණේ.