මහින්ද ඉල්ලන කුරුණෑගල රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 55ක්

Friday, 08 May 2015 - 18:58

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+55%E0%B6%9A%E0%B7%8A
රැකගමු මව්බිම - ගෙන එමු මහින්ද - මහින්ද සමඟ නැගිටිමු යන තේමාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා කළ යුතු බවට ප්‍රකාශ කරන 04 වන ජනරැළිය මේ වනවිට කුරුණෑගල දී ආරම්භ වී තිබෙනවා. කුරුණෑගල වෙලගෙදර ක්‍රිඩාංගනය ඉදිරිපිට පැවැත්වෙන මෙම ජනරැළිය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 55 දෙනෙකු පැමිණ සිටින බවයි හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක ජනරැළිය අමතමින් කියා සිටියේ.

මෙම ජනරැළිය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කර මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්

දිනේෂ් ගුණවර්ධන
විමල් වීරවංශ
වාසුදේව නානායක්කාර
තිස්ස කරලියැද්ද
සාලින්ද දිසානායක
ටී.බී.ඒකනායක
තාරානාත් බස්නායක
නිල්වලා විජේසිංහ
ගීතාංජන ගුණවර්ධන
රංජිත් සොයිසා
ජානක වක්කුඹුර
මොහාන් පීද සිල්වා
වී.කේ.ඉන්දික
චාමික බුද්ධදාස
මනූෂ නානායක්කාර
තේනුක විදානගමගේ
ලොහාන් රත්වත්තේ
නිශාන්ත මුතුහෙට්ටිගම
අරුන්දික ප්‍රනාන්දු,
රොෂාන් රණසිංහ
සරණ ගුණවර්ධන
රෝහණ දිසානායක
සරත් වීරසේකර
ජයරත්න හේරත්
මහින්දානන්ද අලූත්ගමගේ
ඩලස් අලහප්පෙරුම
ජී.එල්. පීරිස්
වීරකුමාර දිසානායක
එස්.එම්.චන්ද්‍රසේන
බන්දුල ගුණවර්ධන
ජයන්ත කැටගොඩ
රෝහිත අබේගුණවර්ධන
කුමාර වෙල්ගම
කමලා රණතුංග
ශ්‍රීයානි විජේවික්‍රම
මාලිනි ෆොන්සේකා

තවද අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම ද ක්‍රීඩාංගණට පැමිණ වේදිකාව අසළට පැමිණීමට නොහැකිව සිටින බව එහිදී නිවේදනය කෙරුණා.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ එම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් රැසක්ද මෙම ජනරැළියට එක්ව සිටිනවා. එසේම වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 34 දෙනාගෙන් 27 දෙනෙකුද උතුරු මැද පළාත් සභාවේ පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ද ජනරැළියට එක්වූ බවයි වාර්තා වන්නේ.

මීට අමතරව, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරුන් වන අලෙවි මවුලානා, ටිකිරි කොබ්බෑකඩුව, තිස්ස ආර් බලල්ල ද මෙම ජනරැළියට එක්ව සිටීම විශේෂත්වයක්.  

ජනරැළිය අමතමින් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක ප්‍රකාශ කළේ දිවයිනට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා උතුරට විසදුම් ලබාදුන් බවයි. ජනරැළිය ඇමතූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඊයේ සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදුන්නා. අමාත්‍ය මංගල සමරවීර ඊයේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වයස අවුරුදු 70 ක් වන බැවින් ඔහු විශ්‍රාම සුවයෙන් කටයුතු කළ යුතු බවයි. එහෙත්  හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ප්‍රකාශ කළේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ මව වයස අවුරුදු 72දී දේශපාලනයට ගෙන ඒමට නිදහස් පක්ෂයට හැකි වූ බවයි.

මෙම ජනරැළිය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එවා තිබූ සුබපැතුම් පණිවුඩය ඉදිරිපත් කළේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ජන රැළියට එවූ පණිවුඩයක් ද ඔහුගේ පුත් පළාත් සභා මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු විසින් කියවනු ලැබුවා. අනතුරුව වේදිකාවට පැමිණි හිටපු අමාත්‍ය සාලින්ද දිසානායක රැස්ව සිටින ජනතාවගෙන් විමසා සිටියේ කුරහන් සාටකයේ සුවඳ ඔබට දැනෙනවා ද යන්නයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද කුරුණෑගලට පැමිණ ඇති බව ද ඔහු සදහන් කළා.